Thursday, September 3, 2026
HomeNEWSLatest Newsමේ ආණ්ඩුව ප්‍රෝඩාව රජකරවන ආණ්ඩුවක්.

මේ ආණ්ඩුව ප්‍රෝඩාව රජකරවන ආණ්ඩුවක්.

මේ ආණ්ඩුව ප්‍රෝඩාව රජකරවන ආණ්ඩුවක්.

මැතිවරණයට කලින් මහා බිල්ලෙක්  මවපු එම්.සී.සී ගිවිසුම  දැන්  හොද වෙලා. ජනාධිපතිවරණය වෙලාවේ කීවෙ මේ ගිවිසුම කෑලි වලට ඉරලා විසි කරනවා කියලයි. නමුත් අද ගිවිසුම ගැන කරුණාවක් පහලවෙලා යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(29)පැවසීය.උතුරු කොළඹ ප්‍රදේශයේ පැවැති ජන හමු අමතමින් ඒ මහතා මෙසේද කීය.

  “අපිට මතකයි ඒ දවස් වල හැට නව ලක්ෂයක්  ඡන්දෙ දුන්නෙ ඒ ගිවිසුමට විරුද්ධව. මැතිවරණය දවස්වල කීවා  m.c.c.  ආවොත් කොරිඩෝවක් හැදෙනවා කියලා. එහෙම කියලා ඡන්දය අරගෙන ජනාධිපතිවරණයෙන් දිනුවා. දැන් මාස හතක් වෙනවා යක්ෂයා  වෙච්චි m.c.c. ගිවිසුම නැවත සලකා බලන්නත් කමිටු හදලා. මොකක්ද මේ විහිළුව. ජනතාවගේ බුද්ධිය එක්ක කරන සෙල්ලම මොකක්ද?. ඉරලා විසි කරනවා කිව්ව ගිවිසුමක් සලකා බලන්න යන එකේ තේරුම මොකක්ද?. ඒ දවස්වල අපේ ආණ්ඩුවට කිව්වේ සුද්දෝ ළඟ දණ ගහනවා කියලා. බලාන ගිහාම මේ ආණ්ඩුව තරම් නිවට විදිහට සුද්දෝ ළඟ දණ ගහන ආණ්ඩුවක් ඉතිහාසයේ ම තිබිලා නෑ.  

 අපි වගකීමෙන් කියනවා  එම් සී සී ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ ජනතාව ඉදිරියට ගෙනැවිත්  ඉරලා විසිකරනවා කියලා .

දැන් බලන්න, කොරෝනා ව්‍යසනයෙන් අසරණ වෙච්ච ජනතාව බෙදපු හැටි. ලෝකයේ හැම රටක්ම තමන්ගෙ ජනතාව වෙනුවෙන් සහන ලබාදෙනවා.නමුත් අපේ රටේ ආණ්ඩුව පවුලකට ලබා දෙන වටිනාකම රුපියල් 5000යි.

අපි කියනවා ඒක දුන්නෙත් අපි කරපු සටන නිසා.

ආණ්ඩුව හැම වැඩක්ම අසමත්. සහල් මාෆියාව ගාව දන ගැහුවා. ලීසිං පහසුකම් ඉල්ලලා සටන් කරපු සුනිල්ව ඝාතනය කරනකම් බලාගෙන හිටියා. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා හිස් ව්‍යාපෘති කෙරුවා. එක දවසෙන් මිලියන ගණනක් මුහුදට ගහගෙන ගියා. ව්‍යසනයන් මැද ක්‍රීඩාංගණ හදන්න ව්‍යාපෘති ගෙනාවා. සීනි සැමන්  අඩුවට දෙනවා කියලා බදු පිට බදු ගැහුවා. මේ ඉතින් මේක වැඩ කරන ආණ්ඩුවක් ද?.

 ඒ නිසා මේ වැඩ බැරි අසාර්ථක ආණ්ඩුව ගෙදර යවමු.අපි හදන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සැප ගන්න බෑ.ඒ හැමෝම ජනතාව වෙනුවෙන් කැපවෙන්න ඕන. ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්න කැප වෙන්න ඕන.ජනතාව වෙනුවෙන් දෙන සියලු පොරොන්දු ඉටු කරන්න කැපවෙන ආණ්ඩුවක් තමයි අපි නිර්මාණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img