Tuesday, September 22, 2026
HomeNEWSමේ වනවිට ශ්‍රී ලංකාව වෙන්දේසි බිමක් බවට පත්ව තිබේ-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

මේ වනවිට ශ්‍රී ලංකාව වෙන්දේසි බිමක් බවට පත්ව තිබේ-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය.

මේ වනවිට ශ්‍රී ලංකාව වෙන්දේසි බිමක් බවට පත්ව තිබේ.වගකීමක් නැති පාලකයින් විසින් මුලු රටම අනතුර වෙත හෙළා තිබේ.විදේශිකයින්ට සහ ගජ මිතුරන්ට ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් මතු පරම්පරාවේ උරුමයන් වනසා දමා තිබේ. බ්‍රිතාන්‍ය යුගයෙහි ඉදි වූ ඓතිහාසික වශයෙන් වැදගත් කොළඹ, කොටුවේ පිහිටි ගොඩනැගිලි කිහිපයක් දැනට ඒවායෙහි පවතින භාවිතයන්ගෙන් ඉවත් කොට පෞද්ගලික ආයෝජකයන් වෙත ලබාදීමේ යෝජනාවලියක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි.ඊනියා සංවර්ධනයක මුවාවෙන් අදාල මගඩිය සිදුවන බවද වාර්තා වෙයි.මෙරට ජාතික සම්පත් එලෙස විනාශ කරන අතර වසර ගණනාවකට පිළිසකර කළ නොහැකි විනාශයක් මෙරට මුහුදු තීරයට, රටේ ආර්ථිකයට මෙන්ම පරිසර පද්ධතියටද සිදු කරමින් නෞකාවක් ද විනාශ විය. මේරට සුරක්ෂිත කරන රන් වැටක් ලෙස පෙනී සිටිමින් බලය ගත් ආණ්ඩුව සිය සැබෑ නිරුවත මේ වනවිටත් පෙන්වා අවසන් ය.

කෙටිකලක් තුළ දශක ගණනාවකට පිළිසකර කළ නොහැකි ව්‍යසනයක් ආණ්ඩුව විසින් රටට සිදුකර ඇති අතර ඉතාම බරපතල කොරෝනා ව්‍යසනය පාලනයේදී ද හුදෙක් සංදර්ශණ හැර ප්‍රායෝගික තත්ත්වය අවාසනාවන්ත ය.

පළමු හා දෙවන කොවිඩ් රැළිවල දී මෙන් ම මේ මොහොතේ දී ද කොවිඩ් රෝගීන් හා සෘජු ව ගැටෙමින් කටයුතු කරනුයේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන් ය.කොවිඩ් රැලි අතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලය කොරෝනා මර්ධනයෙහි ලා කළ කැපකිරීම් අතිමහත් වන අතර අදටත් බොහෝ රෝහල්වලට සෞඛ්‍ය ආරක්ෂණ මෙවලම් නැත. අද වන විට මෙරට රෝහල් පද්ධතිය තුළ හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල විශාල පිරිසකට කොරෝනා ආසාධනය වී තිබේ.

රෝහල් තුළ අතිමහත් අඩුපාඩුකම් ඇති අතර,නිරෝධායන ක්‍රියාවලියේ ද බොහෝ අක්‍රමිකතා වාර්තා වෙයි.‍කොරෝනා එන්නත් ක්‍රියාවලිය දේශපාලනීකරණය වී ඇති අතර බෝ නොවන රෝග(පිළිකා,දියවැඩියා ,හෞද රෝග ඇතුලත්ව) සඳහා ද බරපතල ඖෂධ හිඟයක් ඇතිවී තිබේ. කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක, වර්ග දෙකකින් ලබාදීම ගැටලුවක් නොවන බව කියන්නේ වෛද්‍යවරු හෝ විශේෂඥයින් නොව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකලා ය.

කොවිඩ් වැනි අවාසනාවන්ත ව්‍යසනවලට මුහුණ දී ජයගත හැකි ශක්තිමත් සෞඛ්‍ය සේවයක් සහතික කිරීම යුගයේ කඩිනම් අවශ්‍යතාවයකි. ඒ වෙනුවෙන් නොවලහා කළයුතු වන්නේ“තිරසර,නවීන සෞඛ්‍ය පනතක්” සම්මත කර ගැනීම බව අප මීට පෙර කිහිපවිටක් අවධාරණය කළද ඊට වඩා බලව්‍යාපෘතිය ශක්තිමත් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ න්‍යාය පත්‍රය විය.

කොරෝනා භීතිය නිසා ජනතාවගේ මානසික, ආර්ථික, සමාජීය තත්ත්වය කඩාවැටුණ නමුත් ආණ්ඩුව කළේ එය මර්ධනය කිරිම මිත්‍යාවන්ට පවරා සීනි වංචාව, විෂ පොල් තෙල් ආනයනය,ගෑස් සිලින්ඩරයට අමුතු සූත්‍රයක් ගෙන ඒ්ම,පෝර්ට් සිටි විකිණීම,බටහිර ජැටිය විකිණීම වැනි දේශපාලන නොපනත්කම් සිදු කිරීමය සියල්ල සර්ව සම්පූර්ණ බවට ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පවත්වන නමුත් සත්‍ය තත්ත්වය ඉතා කටුක ය.බිහිසුණු ය.

ලෝක බැංකුවේ දත්තවලට අනුව “ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% ක් නොනිල වෘත්තිකයන් වන අතර සංචරණ සීමා සහ ලොක්ඩවුන් ක්‍රියාවලිය හේතුවෙන් ඔවුන් සහමුලින්ම අන්ත අසරණ වී සිටී.

විදේශ විනිමය, සංචාරක කර්මාන්තය, සහ ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් විදෙස් රටවලින් මුදල් ගලා එන ක්ෂේත්‍ර වන අතර අද වනවිට එම ප්‍රධාන අදායම් මාර්ග සියල්ල අවහිර වී ඇත.ඒපමණක් නොව රට තුළ නිෂ්පාදන හා සේවාවන් අඩපනවී ඇති අතර තේ ඇතුළු සියලු නිෂ්පාදනවල අපේක්ෂිත අපනයන ආදායම ද ශ්‍රී ලංකාවට අහිමි වී ඇත. අපනයන භාණ්ඩ සඳහා ඇමරිකාව, යුරෝපය ඇතුළු වෙළඳපොල අහිමිවී ඇති අතර ඒ් ආශ්‍රිතව ජීවිකාව කරගත් සියලු දෙනාම බරපතල පීඩනයකට හසුව ඇත.

මේ වනවිට බැංකු වලින් ණය වාරික අයකර ගැනීම සිදුවන අතර,ලීසින්,ෆිනෑන්ස්,ආයතනද සහන ක්‍රියාවලිය අත්හැර තිබේ. . ක්ෂද්‍ර මූල්‍ය ණය හේතුවෙන් ලක්ෂ ගණනාවක් ජනතාව අන්ත අසරණව සිටී.

ඉතා සුළු පිරිසකට ලබාදෙන රුපියල් 5000ක මුදලින් මාසයක් ජීවත්වීම සිහිනයක් පමණක් වන අතර ඒ් මුදල හෝ නොලැබෙන පිරිස පිළිබඳව ආණ්ඩුවට කිසිදු තැකීමක් නැත.

සංචරණ සීමා නැවත වරක් පැනවීමත් සමඟ ගොවිජනතාවට තමන්ගේ අස්වනු විකුණා ගැනීමට නොහැකිව ඒවා විනාශවී යන අයුරු බලා සිටින්නට සිදුව තිබේ.

COVID -19 තත්ත්වය හමුවේ පාසල් වසා දමන ලද අතර බොහෝ උපකාරක පන්ති සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු ඔන්ලයින් මාර්ගයෙන් ආරම්භ කෙරුණි.එහෙත්, වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ, 34%කට පමණි. අවුරුදු 18ට අඩු පවුල්වලින් 66%ක ප්‍රතිශතයකට අන්තර්ජාල පහසුකම් නොමැත.

මෙවන් දහසකුත් එකක් ප්‍රශ්න අතර පීඩා විඳින ජන ජීවිත නැවත නැංවීමේ ක්‍රියාවලිය පිළිබඳව ආණ්ඩුවට කිසිදු විසඳුමක් නැත.ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත ගමන් කරන නමුත්,ආණ්ඩුව ඒ් ඉදිරියේ අසංවේදීව සිටී.

වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැතිබව මේ කෙටිකාලය තුළ උවමනාවටත් වඩා ඔප්පුකර තිබේ.

සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img