කොළඹ නගරයට ඊයේ (03) ඇතුළු වූ වාහනවලින් වැඩි සංඛ්‍යාවක් ඇතුළු වී ඇත්තේ මූල්‍ය ආයතනවලට අදාළ වාහන බවට හඳුනාගෙන තිබේ.
එම වාහන සංඛ්‍යාව 16,571කි.
මේ අතර හයිලෙවල් මාර්ගයෙන් සහ නුවර මාර්ගයෙන් වැඩිම වාහන සංඛ්‍යාවක් කොළඹ නගරයට ඇතුළු වන බවද අනාවරණය වී තිබේ.
නිරෝධායන රීති කඩකළ පුද්ගලයින් 886ක් ඊයේ (03) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මාතලේ ප්‍රදේශයෙන් 147ක්, කුලියාපිටියෙන් 100ක් සහ මහනුවරින් 85ක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 21,775කි.






















