Thursday, September 3, 2026
HomeNEWSDevelopment - Economyමෝටර් රථ මිල දී ගැනීමට බදු සහන ඇති බලපත්‍ර හිමියන්ට නිවේදනයක්

මෝටර් රථ මිල දී ගැනීමට බදු සහන ඇති බලපත්‍ර හිමියන්ට නිවේදනයක්

සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ  බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය නිකුත් කර තිබේ.

අංක 01/2020 දරන අද (28) දිනයට අදාළව එම චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි සඳහන් විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලය ලත් වාහන අලෙවි නියෝජිතයෙකු / ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කළ වෙළඳපල මිලකට මෙරට තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථයක් මිල දී ගැනීමට හැකියාව පවතී. 

ඒ අනුව, සහනදායී මෝටර් රථ බලපත්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කල වෙළඳපල මිලකට මෝටර් රථ අලෙවි කරනු ලබන බලය ලත් වාහන අලෙවි නියෝජිතයන් හෝ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවන් විසින් ඉදිරියේ දී මෝටර් රථ ආනයනය කිරීමේ දී  අදාළ බලපත්‍රයේ සඳහන් බදු සහනය ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img