Wednesday, April 22, 2026
HomeNEWSLatest Newsපාර්ලිමේන්තුවට එන්නැයි බැසිල්ට ඇරයුම් - ඉන්න විදිය හොඳයි බැසිල් කියයි

පාර්ලිමේන්තුවට එන්නැයි බැසිල්ට ඇරයුම් – ඉන්න විදිය හොඳයි බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය ලබාදීමට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි බැසිල් රාජපක්ෂ මහතාට අද (28) එම පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් විසින් ආරාධනාවක් කර තිබේ.

ඒ, බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවේදීය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

“ද්විත්ව පුරවැසිභාවය තියෙන බැසිල් මහත්තයාව මහේන්ද්‍රන්ට සමාන කරන්න එපා..බැසිල් රාජපක්ෂ මේ රටේ පුරවැසියෙක්..රාජපක්ෂ භීතිකාව ඔලුවෙන් අයින් කරගන්න..එතකොට මීට වඩා සාධනීයව මේ කරුණු කාරණා දිහා බලන්න පුළුවන්..”

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා ප්‍රකාශ කර සිටියේ රට ගොඩනැගීම සඳහා නායකත්වය ලබාදීමට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි තමා නවක මන්ත්‍රීවරයෙකු ලෙස, බැසිල් රාජපක්ෂ මහතාට ආරාධනා කරන බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා විශාල දැනුමක් සහිත නායකයෙකු බවය.

මෙම ආරාධනාව සම්බන්ධව අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ රටේ ජනතාව තමන්ට ආරාධනා කර සිටියොත් ඒ පිළිබඳ සිතා බලන නමුත් දැනට සිටින අයුරින්ම සිටීමට තමන් කැමති බවය.

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අපිට 113ක් තිබුණානම් හොඳටම ඇති. ජනතාව 150ක්ම දුන්නේ ව්‍යවස්ථා වෙනසකට. ඒ සඳහා ක්‍රියා කරනවා ඉක්මනින්ම..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img