කොරෝනා වසංගතය සමඟ රැකියා අහිමි වූ විගමනික ශ්‍රමිකයන්ට නැවත රැකියා ලබා දීමට හා ඔවුන්ට වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ඉල්ලීමක් කරයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත සිම්රිත් සිංග් මහත්මිය සමඟ අද (28) පෙරවරුවේ කම්කරු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේ අමාත්‍යවරයා විසින් එම ඉල්ලීම සිදුකර තිබේ.
ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, චේතනය හා වීසා ලබා ගැනීමේ දී සිදුවන ගැටලු පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා කරුණු පවසා ඇත.
මෙම කරුණු සම්බන්ධයෙන් අන්තර් ජාතික කම්කරු සංවිධානයේ මැදිහත් වීම අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.






















