ගාල්ල දිස්ත්රික්ක ලේකම් කාර්යාලයේ අද (01) මැති ඇමතිවරුන් පිරිසකගේ ප්රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙන අතරතුර පළාත් පාලන සේවකයින් පිරිසක් තම පත්වීම් ස්ථිර කරන ලෙස ඉල්ලා ප්රධාන දොරටුව
ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.
විරෝධතාකරුවන් ප්රධාන දොරටුව අවහිර කිරීම හේතුවෙන් එම රැස්වීමට පැමිණ සිටි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ශාන් විජේලාල් මහතාට තම මෝටර් රථය එම ස්ථානයෙන් පිටතට ගැනීමට නොහැකි වු අතර පසුව පයින් ඇවිද ගෙන ගොස් ත්රී රෝද රථයක නැගී පිටව ගියේය.






















