යුක්රේන – රුසියා අර්බුදය හේතුවෙන් සැපයුම් මාර්ගවලට ඇතිවිය හැකි බලපෑම් නිසා ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල සීඝ්‍ර ලෙස ඉහළයමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.44ක් දක්වා වැඩි වී තිබේ. එය වසර 7කින් වාර්තා වී ඇති ඉහළ ම මිලය.
මෙම නවතම තත්ත්වය ඇතිවී ඇත්තේ යුක්රේනයේ සටන්කාමීන් විසින් බලය අල්ලාගෙන සිටින කලාප දෙකකට රුසියානු හමුදා කණ්ඩායම් යැවීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් නියෝග කිරීමෙන් අනතුරුවය.
එම සටන්කාමීන්ට රුසියාවේ සහාය ලැබෙයි.
එසේම එම කලාප දෙක ස්වාධීන කලාප ලෙස පිළිගැනීමට ද රුසියානු ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා විය.
ඒ සමගම එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල් රුසියාවට අනතුරු අඟවන්නේ සම්බාධක පනවන බව පවසමිනි.
සෞදි අරාබියට පසුව ලොව දෙවැනි විශාලතම ඉන්ධන අපනයනකරු වන්නේ රුසියාව යි.
එසේම ලොව ප්‍රමුඛතම ස්වාභාවික ගෑස් නිෂ්පාදකයා වන්නේද රුසියාවයි.






















