ඉන්ධන පිරවුම්හලකදී යුද හමුදා සෙබළෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු ඇඹිලිපිටිය ගගේයාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පසුගිය 03 වනදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ IOC ඉන්ධන පිරවුම්හලක රාජකාරී නිරතව සිටි යුද හමුදා සෙබළෙකුට තියුණු ආයුධයකින් තුවාල සිදුකර ගිනි අවිය කොල්ලකෑමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරු 52 හැවිරිදි ඇඹිලිපිටිය ගගේයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අද (10) හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






















