Saturday, July 18, 2026
HomeNEWSයුරෝපයට නව තීරු බදු පැනවීමේ සැලසුම ට්‍රම්ප් හකුලා ගනී

යුරෝපයට නව තීරු බදු පැනවීමේ සැලසුම ට්‍රම්ප් හකුලා ගනී

ග්‍රීන්ලන්තය පවරා ගැනීමේ සිය සැලසුම්වලට විරුද්ධ වූ යුරෝපානු රටවලට තීරුබදු පැනවීමේ ක්‍රියාවලිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හකුලාගෙන තිබේ.නේටෝ මහලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව Truth සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවැත්වූ රැස්වීම ඉතා ඵලදායී එකක් වූ බවත් ග්‍රීන්ලන්තය සහ සමස්ත ආක්ටික් කලාපය සම්බන්ධයෙන් අනාගත සැලසුමක් සකස් කර ඇති බවත්ය.ග්‍රීන්ලන්තය අමෙරිකාවට පවරා ගැනීමේ අභිලාෂයන්ට විරුද්ධ වූ යුරෝපීය ජාතීන්ට එළැඹෙන පෙබරවාරි පළමුවනදා සිට 10%ක නව තීරුබදු පැනවීමක් සිදු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පවසා තිබුණි.සිය Truth පණිවුඩයෙන් ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබුණේ එම නව තීරුබදු සැලැස්ම ක්‍රියාත්මක නොවන බවය.කෙසේ වෙතත් ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් ද අතිරේක සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ජනපති ට්‍රම්ප් පවසයි.මීට පෙර, ට්‍රම්ප් ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසඳයේ දී පැවසුවේ තමා හමුදා බලය භාවිතා නොකරන නමුත් ග්‍රීන්ලන්ත භූමියේ අයිතිය සුරක්ෂිත කිරීමට අවශ්‍ය බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img