Monday, September 21, 2026
HomeNEWSවිදෙස් ආයෝජන ගෙන ඒමට එක්වන ලෙසට ඇමති විජිතගෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක්

විදෙස් ආයෝජන ගෙන ඒමට එක්වන ලෙසට ඇමති විජිතගෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක්

නව ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුළ සෑම අංශයකින්ම යහපත් පරිසරයක් උදාවී ඇති නිසා අලුත් ආයෝජන රටට කැදවාගෙන එන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ දිනයේදී සුපිරි හෝටලයක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි. එම උත්සවයෙන් අනතුරුවය විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ දැක්වූ සටහන පහත සඳහන් වේ.සුඛෝපභෝගී AUREUM හෝටල් සංකීර්ණය ලක්සම්බර්ග් ආයෝජනයක් යටතේ ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිය(20)දා එක් වීමි.එහි දී මා පෙන්වා දුන්නේ, කොරෝනා වසංගතයත් සමඟ වසා දමන ලද ව්‍යාපාර රටේ ඇති වී තිබෙන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් අලුත් ආයෝජකයන් යටතේ නැවත ආරම්භ වන බවයි. පසුගිය වසරේ සංචාරක කර්මාන්තයේ වැදගත් කඩයිමක් දැවැන්ත පිම්මකින් පසු කිරීමට අප මෙහෙය වූ අතර ඒ හේතුවෙන් යුරෝපීය ආයෝජන ලංකාවට පැමිණ තිබේ. සංචාරක කර්මාන්ත ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපාරය පසුගික කාලය තුළ වසා දමා වසර ගණනාවකට පසු නැවත ආරම්භ කිරීම රටට සුබවාදී පියවරක්. එබැවින් අලුත් ආයෝජකයන් රටට කැඳවාගෙන එන ලෙස සියලු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img