Wednesday, June 3, 2026
HomeNEWSLatest Newsරජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්මගෙන් ඉල්ලයි

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්මගෙන් ඉල්ලයි

ජයේ ඉදිරි ගමනට සහය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග සංවිධානයෙන් ඉල්ලිමක් කර තිබේ.

එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, දේශපාලන අධිකාරිය මැදිහත් වියයුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත්මග සංවිධානය ඉදිරියේ පවතින බවය.

රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මඟපෙන්වීම් සිදුකිරීමට ද එම සංවිධානයට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග සංවිධානයේ සමාජිකයන් වෙත ප්‍රකාශ කර තිබේ.

සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු වියත්මග සභාපතිවරයා ලෙස ඊයේ (13)පස්වරුවේ ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේ දී පළමුවරට සාමාජිකයන් හමුවෙමින් ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කර ඇත.

වියත්මග විධායක සභාවේ දී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ඇති ජනාධිපතිවරයා  ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කර තිබේ.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය මෙහිදී යොමු කර ඇත.

2016 වසරේ අප්‍රේල් මස ඇරඹී වියත්මග, විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img