Saturday, September 12, 2026
HomeNEWSරජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදත් රැස්වෙයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදත් රැස්වෙයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (21) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබේ.

තාවකාලික සභාපතිවරයෙක් යටතේ ඊයේ දිනයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අතර එහිදී සම්මත කර ගැනීමට නොහැකි වූ පනත් කිහිපයක් පිළිබඳව අද දිනයේ යළි සලකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර 09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය සඳහා වන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව පළමු වරට අද රැස්වීමට නියමිතව තිබේ.

එහිදී ඒ සඳහා නව සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිතය.

මේ අතර අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබේ.

නීති අධ්‍යාපන සහ ආඥා පනත යටතේ ගැසට් පත්‍රයේ පළකර ඇති රීති අද දිනයේ විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතය.

ඊට අමතරව අද දිනයේ ඛනිජ සම්පත් පනත යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති නියෝග පිළිබඳව ද විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img