Sunday, September 20, 2026
HomeNEWSරජයේ සේවය කියන්නේ අට පහ රස්සාවක් නෙවෙයි.

රජයේ සේවය කියන්නේ අට පහ රස්සාවක් නෙවෙයි.

නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

තමන්ට රටෙන් ලැබිය යුතු දේ ගැන පමණක් සිතා අරගල කරනවා වෙනුවට තමන් විසින් රටට ඉටු කළ යුතු යුතුකම් නිවැරදිව ඉටු කර රටෙහි සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබා දීමේ කාලය එලඹ  ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය.

රජයේ සේවකයන් යනු උදේ 8 ට කාර්යාලයට පැමිණ සවස 5 ට ඉන් පිටව යන පිරිසක් බවට පත්විය යුතු නැතැයි ද ආණ්ඩුකාරවරිය කීවාය.

ත්‍රිකුණාමලය පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ 2023 නව වසරේ වැඩ ආරම්භ කිරිමෙන් පසු පැවැති උත්සවය අමතමින් අනුරාධා යහම්පත් මහත්මිය මේ බව කියා සිටියාය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවැසුවාය.

“අපේ රට දැන් තියෙන්නේ ඉතා අවධානම් තැනක. මේක දේශපාලන අර්බුදයක් විතරක්ම කියලා හිතන්න එපා. ආර්ථික අර්බුධයකුත් මේ අතර තියෙනවා, එතැනින් රට ගොඩ ගන්න කවුරු හරි කරනකන් බලන් ඉන්න ආවශ්‍ය නෑ. ජනතාවට සේවය කරන්න අපි අළුත් විදිහකට හිතන්න ඹ්න. රටේ නවයෙන් පංගුවක් අපිට භාරයි. එය අපි දැන ගත යුතුයි. කෘෂිකර්මාන්තයෙන් රටට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ අපේ පළාතයි. ස්භාවික සම්පත් අතින් වැඩි හරියක් තියෙන්නේ අපේ පළාතටයි. ඒ හරහා ඇති කර්මාන්ත තුළින් අපි උපරිම පල නෙලා ගත යුතුයි. සංවර්ධනයට ජාති භේද අදාළ නෑ. අපි සියළු දෙනාම ආර්ථික සංවර්ධනයේ රාමුවට ඇතුල් විය යුතුයි. මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් එහෙම උනොත් විතරයි. අද ආහාර අර්බුදයක් ගැන කථා කරනවා. අපේ පළාතේ එක දරූවෙකුටවත් කන්න නැති වෙන්න බෑ. එහෙම උනොත් අපි සියළු දෙනා ඊට වග කිය යුතුයි” යැයිද ආණ්ඩුකාරවරිය වැඩි දුරටත් කිවාය.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂකවරුන්, ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img