Sunday, November 8, 2026
HomeNEWSරටට ආරක්‍ෂක ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි - ආරක්ෂක ලේකම්

රටට ආරක්‍ෂක ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි – ආරක්ෂක ලේකම්

රටේ ජාතික ආරක්‍ෂාව සඳහා වන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීමට නම් පිළිගත හැකි යාන්ත්‍රණයක් සහිත ආරක්‍ෂක ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා මේ බව සදහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ විවිධ ආකාරයෙන් මතුවිය හැකි තර්ජන තක්සේරු කිරීම සඳහා ආරක්ෂාව සම්බන්ධ රටේ ප්‍රධාන සාධක පිළිබඳ නිරන්තර විශ්ලේෂණයන් සිදුකිරිම යෝග්‍ය බවය.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අතර හමුවක් සිදුව තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ එහිදී මෙරට උද්ගතව ඇති ආර්ථික අර්බුදය, තරුණ විරෝධතා පිළිබඳව සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මෙහිදි අවදානය යොමුව ඇති බවය.

මේ අතර නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඊයේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවු බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img