අද දිනය තුළ ලිට්රෝ ගෑස් සිලින්ඩර් 16,000ක් බෙදාහැරීමට නියමිතව තිබේ.
එම සමාගම සදහන් කළේ පසුගිය අඟහරුවාදා ලැබුණු ගෑස් නෞකාවේ අවසන් තොගය අද දිනය තුළ වෙළදපොළට නිකුත්කරන බවය.
අදාළ ගෑස් සිලින්ඩර් බෙදාහරින අලෙවිකරුවන්ගේ ලේඛනයක් ලිට්රෝ සමාගමේ වෙබ් අඩවියේ ඇතුළත් කර තිබෙනවා.
අදාළ සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ප්රදේශවල හැර සෙසු ප්රදේශවල පොලිම්වල රැඳීසිටීමෙන් වළකින ලෙසටය.






















