බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකත්වයට තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන් පත්කර තිබේ.
ශ්‍රි ලංකාව සමඟ පැවැති ටෙස්ට් තරඟ සංචාරයෙන් අනතුරුව මොමිනුල් හක් බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබුණි.
ඒ අනුව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශකීබ් අල් හසන් පත් කර ඇති අතර උප නායකයා ලෙස ලිටන් දාස් පත් කර ඇති බවය.
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ 35 හැවිරිදි ෂකීබ් අල් හසන් මීට පෙර අවස්ථා කිහිපයකදි බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම් නායකත්වය දරා ඇති අයෙකු වන අතර මෙම අවස්ථාවේදී ද නායකත්වයට සුදුසු ක්‍රීඩකයා ඔහු බවය.
හිටපු නායක මොමිනුල් හක් සිය නායකත්වය යටතේ ජයග්‍රහණය කර ඇත්තේ ටෙස්ට් තරග තුනක් පමණක් වන අතර පරාජයට පත්ව ඇති තරග සංඛ්‍යාව 12කි.






















