Monday, September 14, 2026
HomeNEWSරටවල් දෙකක් වැනසූ භූ කම්පනය - මරණ ගණන 40,000ට ආසන්න වෙයි

රටවල් දෙකක් වැනසූ භූ කම්පනය – මරණ ගණන 40,000ට ආසන්න වෙයි

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස 40,000කට ආසන්න වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීට සතියකට පෙර තුර්කි සිරියා දේශසීමාව ආසන්නයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය ගණන තවදුරටත් ඉහළ යමින් පවතී.

මේ අතර දෙරටේම මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට අවසන් වෙමින් ඇත්තේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින්ව නිරුපද්‍රිතව මුදාගැනීමට ඇති හැකියාව අවමවීම හේතුවෙනි.

ඒ අනුව භූ කම්පනය සිදුවූ පෙදෙස්වල සුන්බුන් ඉවත් කිරීමට මේ වනවිට බලධාරීන් කටයුතු කරමින් සිටියි.

මේ අතර සහන සේවා කණ්ඩායම්වලට සිරියාවට ඇතුළුවීමට ඉඩ සැලසීමේ අරමුණින් සිරියානු දේශසීමා දෙකක් විවෘත කිරීමට සිරියානු රජය එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

ඒ, යුද්ධයෙන්ද බැටකෑ තමන්ට මෙම ව්‍යසනයට මුහුණ දීමේදීද ප්‍රමාණවත් තරම් සහායක් නොලැබෙන බවට සිරියානු වැසියන් එරට රජයට චෝදනා කරන පසුබිමකය.

ඒ අනුව විවෘත කෙරුණු දේශසීමා, මාස තුනක කාලයක්  විවෘතව තැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img