Monday, October 26, 2026
HomeNEWSරටේ ඩිජිටල් ව්‍යවසායකයන්ට 18%ක බද්දක් ගහන එක නතර කරන්න - විපක්ෂ නායක...

රටේ ඩිජිටල් ව්‍යවසායකයන්ට 18%ක බද්දක් ගහන එක නතර කරන්න – විපක්ෂ නායක සජිත්.

*රටේ ඩිජිටල් ව්‍යවසායකයන්ට 18%ක බද්දක් ගහන එක නතර කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*රජය ඩිජිටල් සේවාවලට ඔක්තෝබර් 1 වැනි දා සිට 18%ක වැට් බද්දක් පනවා ඇති බවත් මෙය කුමන ආකාරයට රටට ඉදිරිපත් කළත් එය ගැසට් කර ඇති බවත් මේ නිසා ක්ලවුඩ් පරිගණක සේවා, වෙබ් පාදක යෙදවුම්, ඊ වානිජ සේවා, ඩිජිටල් අලෙවිකරණය, සමාජ මාධ්‍ය, අන්තර්ගත නිර්මාණය ආදී සමස්ත ක්ෂේත්‍රයටම මෙම බද්ද පැනවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ ක්ෂේත්‍රය තුළ ලක්ෂ ගණනාවක් රැකියා කරන බවත් තරුණ පරපුර ආදී විවිධ කණ්ඩායම් මේ ව්‍යාපාරයේ නිරත වන බවත් මේ තරුණ පරපුර මැදි ආදායම් පරපුරට ජීවනෝපායට පහර ගැසීමක් ලෙස මෙය හැදින්විය හැකි බවත් මේ වැට් බදු ගහන්නේ අයි එම් එෆ් කොන්දේසිය නිසා බවත් රජය මෙය සගවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.රජය අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරනවා කිව්වත් එය වෙනස් නොකර මේ බදු ගහන බවත් එම නිසා කරුණාකර ඩිජිටල් ක්ෂේත්‍රය ජීවනෝපාය කර ගෙන ක්‍රියාත්මක වන මැද පන්තිය තරුණයන්ට ව්‍යවසායකයන්ට බදු නොගහන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.https://youtu.be/XRAKjWtBBTk?si=nn4kEchf0TlZZsyo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා- පූජ්‍ය උලපනේ සුමංගල හිමි

රජය සමඟ සාකච්ඡා කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක...

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img