Tuesday, November 10, 2026
HomeNEWSරට ගොඩනැගීම වෙනුවෙන් තවත් නිදහස් සටන් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් පවසයි.

රට ගොඩනැගීම වෙනුවෙන් තවත් නිදහස් සටන් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් පවසයි.

රට ගොඩනැගීම වෙනුවෙන් තවත් නිදහස් සටන් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් පවසයි.

රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම උදෙසා තව තවත් නිදහස් අරගල සහ සටන් අවශ්‍යව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

හෘද සාක්ෂියට එකඟව අපි ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක් තිබෙන බවත් එදා දිනාගත්තු නිදහස පූර්ණ වශයෙන් භුක්ති  විදින්නට හැකියාව ලැබී තිබෙනවා දැයි යන්න අප විමසා බැලිය යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අද (04) පෙරවරුවේ කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහනායක අග්ගමහාපණ්ඩිත ත්‍රිපිටකාචාර්ය මකුලෑවේ ශ්‍රී විමලාභිනන්දන නාහිමිපාණන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය ඇතිව සංවිධානය කොට තිබූ 74 වන නිදහස් දින සමරුවට එක් විය.

යටත් විජිතයක්ව තිබූ දේශයට නිදහස ලබා ගැනීම උදෙසා කැපවූ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිදුන් ප්‍රමුඛ ජාතික විරුවන් සිහි කරමින් විපක්ෂ නායකතුමා ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින්  උත්තමාචාරය සහ උපහාරය පුද කරන ලදි.

අපිට අහිමි වී ඇති සහ අහිමි කොට ඇති නිදහස දිනාගැනීම උදෙසා අපි නැවත නැවතත් අරගල කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා,පොදුවේ රට මුහුණ මුහුණදී ඇති ගැටළු පිළිබඳව පටු ආකල්ප වලින් තොරව කල්පනා කළ යුතු බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img