Sunday, September 13, 2026
HomeNEWSරට නැතිකරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බෑ

රට නැතිකරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බෑ

තමන් මූලිකත්වය දී කටයුතු කරන්නේ ආර්ථිකය ගොඩනැගීමට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“කාරණා දෙකක් තියෙනවා. එකක් එදා දැම්මේ නැති විදියට බිලියන 20ක් වෙන්කළා මේ රටේ හාල් ගන්න බෙදන්න කියලා. ඒ දැම්මේ පවුල් ලක්ෂ 20කට දැන් පවුල් ලක්ෂ 28ක් තියෙනවා. ඒ වගේම තියෙනවා මෙතන විශ්‍රාම ගිය අයට පාරිතෝෂිත දීමනා දෙන්න. ඊළඟට මේ මන්ත්‍රීවරු ඇවිල්ලා මට කිව්වා. විමධ්‍යගත අරමුදලින් කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් මුදල් ටිකක් වෙන්කළා. ඉතින් ඒක වෙන්කරන්න එපා නම් කියන්න මම එතකොට ඒ දිහා සලකලා බලන්නම්.මේ සභාව ඒක තීරණය කරලා මට කියන්න, අපි තීරණයක් අරගත්තා විශේෂයෙන්ම මේ ණය පිළිබඳ පැරිස් සමුළුවයි ඉන්දියාවයි චීනෙයි එක්ක එකඟත්වයක් ඇතිකරලා IMF එකෙන් විශේෂයෙන්ම මේ යෝජනා ගැන අපිට තීරණයක් දෙනකල් මේ මුදල් අල්ලන්නේ නෑ. හදිසියේ අපිට මාසයක් හරි  දික්කරන වුණොත් මේ ප්‍රශ්නේ ගැන අපිට මුදල් නැතිවෙනවා, අන්න ඒකයි.” 

“අනික මේ ඡන්දයක් නෑ දෙන්න. ඒත් මම එකක් කියන්නම්, මම මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට. ඒක හැදුවේ නැත්නම් රටක් නෑ. මම එක ප්‍රශ්නයක් අහනවා. රට නැතිකරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන් ද ? ව්‍යවස්ථාව අරක්ෂා කරන්න පුළුවන් රට ආරක්ෂා කළොත් විතරයි. ඔබතුමාලා ඉස්සරවෙලා ගිහින් කියන්න තුන්දෙනෙක් එක්ක වාඩිවෙලා තීරණය ගන්න කියලා ඡන්දය තියන්න. එතකොටයි මට ප්‍රශ්නය එන්නේ. එහෙම තීරණයක් අරගෙන නැත්නම් ආණ්ඩුවටවත් මටවත් ප්‍රශ්නයක් නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img