Saturday, October 24, 2026
HomeNEWSDistrict Development Newsරට බෙදන බලවේගවලට එරෙහි වූ ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා සෑමවිටම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට...

රට බෙදන බලවේගවලට එරෙහි වූ ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා සෑමවිටම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට රජයට සහය දැක්වූවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා


අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා රට බෙදන බලවේගවලට එරෙහිව ක්‍රියා කළා
පමණක් නොව සෑම විටම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලියට සහය දැක් වූ බව
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.11 දින පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාවට
එක් වෙමින් සඳහන් කළේය.
වතු ජනතාවගේ කම්කරු සටන් නියමුවා ලෙස ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා අවසන්
මොහොතේදීත් වතු ජනතාව වෙනුවෙන් තැබූ බලාපොරොත්තු ඉටු කිරීමට රජයක් ලෙස බැදී
සිටින බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
පාර්ලිමේන්තුවේදී කළ ශෝක ප්‍රකාශය මෙසේය,
සෞම්‍යමූර්ති රාමනාතන් ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා ගැන සිහිපත් කිරීමේදී සෞමමූර්ති
තොණ්ඩමන් මැතිතුමාගේ පටන් ශ්‍රී ලාංකේය දේශපාලනයට තොණ්ඩමන් පරපුර දැක්වූ
දායකත්වය මාගේ සිහියට නැගෙනවා.
ඒ නිසා ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ අභාවය මුළු මහත් වතු ජනතාවට සේම
පෞද්ගලිකව මටත් ද දැඩි සංවේගයක් ඇති කළ සිදුවීමක්. එතුමා අභාවප්‍රාප්තවීමට පැය
කිහිපයකට පෙරත් මා හමුවුණා. එම හමුවේදීත් එතුමා සාකච්ඡා කළේ වතු ජනතාව ගේ
දියුණුව සහ ඔවුන්ගේ දුෂ්කරතාවයන් මඟහරවා ගැනීම සම්බන්ධවයි.
1964 මැයි 29 දින ඉන්දියාවේ උපත ලැබුවත් තම සීයාගේ අඩිපාරේ යමින් අරුමුගම්
තොණ්ඩමන් මැතිතුමා 1985 දී ලංකා කම්කරු කොංග්‍රසයෙන් ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිශ්ට
වුණා. 1994 වර්ෂයේ පැවති මහ මැතිවර‍ණයෙන් නුවර එළිය දිස්ත්‍රික්කයෙන් පළමුවරට
පාර්ලිමේන්තුවට තේරීපත් වූ එතුමා වසර 26ක කාලයක් අඛණ්ඩව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්
පාර්ලිමේන්තුවට තේරීපත් වීමට තරම් භාග්‍යවන්ත වුණා.
1999 වර්ෂයේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ
අභාවයෙන් පසුව එම පක්ෂයේ නායකත්වයට පත් වන ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා
වතු කම්කරුවන්ගේ සටන් නියමුවා ලෙස ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් නිරන්තර
නිවේදන අංක – 64
2020.09.11

අරගලයක යෙදුණු නායකයෙක්. විශේෂයෙන්ම ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්
ලක්ෂ තුනකට අධික පිරිසකට පුරවැසි අයිතිය ලබාදීමට ඔහු කළ සේවය අති විශාලයි.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වූ ආරුමුගම් තොණ්ඩමන්
මැතිතුමා වතු ජනතාව අතර ත්‍රස්ත්‍රවාදී මති මතාන්තර වලට ඉඩක් තැබුවේ නැහැ. තිස්
වසරක යුධ ගිනි නිවා දැමීමේ මානුෂීය මෙහෙයුමට ඉන් ලැබුණු පිටුබලය අති මහත්. සෑම
විටම ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා රට බෙදන බලවේගවලට එරෙහිව ක්‍රියා කළා
පමණක් නොව සෑම විටම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලියට රජයට සහය දෙනු
ලැබූවා. රටට සාමය උදා කිරීමට එතුමාගේ එම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තීරණාත්මක ලෙස
බලපෑ බව මා මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.
අමාත්‍යධූර ලැබූ සෑම අවස්ථාවකම වතු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පළමුතැන දුන්
ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා වතු ජනතාවගේ ජීවිතය හා බැදි ප්‍රායෝගික අවශ්‍යතා
සපුරා ගැනීම වෙනුවෙන් සටන් කළා. වැටුප් අරගල වලදී පමණක් නොව වතු නිවාස ඉදි
කිරීම, හෙද රැකියා අවස්ථා ලබා ගැනීම, රෝහල්, මහා මාර්ග, විදුලිය මෙන්ම පාසල් සහ
විශ්වවිද්‍යාලයක් ලබා ගැනීම දක්වා වතු ජනතාව වෙනුවෙන් වෙන් වූ දේශපාලන දැක්මක්
එතුමාට තිබුණා.
ඒ වගේම ආරුමුගම් තොණ්ඩමන් මහතා රටට ආදරය කළ හොඳ පුරවැසියෙක්. ජාති ආගම්
කුල භේද නොසලකා කටයුතු කළ එතුමා සැමවිටම ආගමික සහජීවන අගය කළා.
දුෂ්කරතා හමුවේ දී ද අපව අත් හැර නොගිය එතුමා දේශපාලනයේදී විශ්වාසවන්ත මිත්‍රයෙක්.
අවසන් මොහොතේදීත් වතු ජනතාව වෙනුවෙන් එතුමාට තිබූ බලාපොරොත්තු ඉටු කිරීමට
රජයක් ලෙස අප බැදී සිටින බව මා මේ මොහොතේදීත් සිහිපත් කරන්න කැමතියි. එතුමාගේ
පුත් ජීවන් තොණ්ඩමන් මැතිතුමා සිය පියාගේ අඩි පාරේ යමින් වතු ජනතාවටත්, රටටත්,
සේවය කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.
තම්බි ආරුමුගම් තොන්ඩමාන්
අවර්ගලින්/
ආත්මා ශාන්ති පෙර/
වේන්ඩු- ගිරේන් //
ඕං/
ශාන්ති// ශාන්ති// ශාන්ති//

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img