Saturday, October 24, 2026
HomeNEWSLatest Newsපාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ දැමීමට අග්‍රාමාත්‍යතුමාගෙන් යෝජනාවක්

පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ දැමීමට අග්‍රාමාත්‍යතුමාගෙන් යෝජනාවක්

පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ දැමීමට අග්‍රාමාත්‍යතුමාගෙන් යෝජනාවක්

පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම
පිළිබඳව සොයා බලන්න යැයි අධ්‍යාපන අමාත්‍යතුමාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.11 දින පැවසීය.
බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විජේරාම නිල නිවසේදී
හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.
බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳව බේකරි නිෂ්පාදකයින්ගේ
සංගමය විසින් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළ අතර බිත්තර නිෂ්පාදනයේදී වැයවන අධික
පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයෝ එහිදී කරුණු පැහැදිලි කළහ.
දිවයිනේ සියලුම බේකරි නිෂ්පාදන ආයතන සඳහා ස්ථාවර තොග මිලකට බිත්තර ලබාදීමට
හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම හමුවේදී අවධාරණය කළේය.
ඒ අනුව පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම්ගත
සම්මුතියකට පැමිණෙන්න යැයි අග්‍රාමාත්‍යතුමා අදාළ නියෝජිත පිරිසට දැන්වූයේය.
කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200 අතර මිලකට පහත හෙළීම පිළිබඳව සහ බිත්තර
නිෂ්පාදකයන් සහ බේකරි හිමියන් සඳහා වන ගිවිසුම්ගත එකඟතාවයට මැදිහත්වන්න යැයි
අග්‍රාමාත්‍යතුමා විෂය භාර අමාත්‍යවරුන්ට මෙම හමුවේදී උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න, පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත
කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් අමන්දා කරුණාතිලක
මහත්මිය ඇතුළු බිත්තර නිෂ්පාදකයින් හා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරී
මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

නිවේදන අංක – 65
2020.09.11

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img