Sunday, October 25, 2026
HomeNEWSLatest Newsරටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කැපවෙනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කැපවෙනවා – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා


රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මැතිතුමා අද 2020.09.11 දින පැවසීය.
කොවිඩ්-19 පාලනය කර ගනිමින් රටක් ලෙස යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ
පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා යැයි ආඩම්බරයෙන් කියන බව ද අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.
කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම හා හිස් වැසුම් පැළඳවීමේ
උළෙල අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාව් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව
පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය,
සෞඛ්‍ය සේවය අන් කවරදාටත් වඩා අවධානය දිනාගත් වකවානුවක ඔබ හමුවීමට ලැබීම
භාග්‍යයක්.
අපි දන්නවා මුළු ලෝකයම කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්ව සිටිනවා. අප රටක් ලෙස
කොවිඩ් 19 පාලනය කර ගනිමින් යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින
විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා බව ආඩම්බරයෙන් කියන්න කැමතියි.
ඔබට මතක ඇති අපි බලයට පත් වූ සෑම අවස්ථාවකම මේ රටේ සෞඛ්‍ය සේවය ඉහළ
නැංවීමට කටයුතු කළා. වෛද්‍ය, හෙද කාර්යය මණ්ඩලවල ගුණාත්මක දියුණුව වගේම රෝහල්
සහ පුහුණු පාසල්වල යටිතල පහසුකම් ගැනත් සොයා බැලුවා.
අලුතින් රෝහල් ඉදි කළ යුතු ප්‍රදේශවලට අලුතින් රෝහල් ඉදි කළා. නමුත් පසුගිය ආණ්ඩුව
සමයේ මේ කාර්යය නියමිත පරිදි සිදු වුණේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය සේවය විවිධ අර්බුදවලට
මුහුණ පෑවා. ඒ නිසා සිදු වුණේ රටේ මහජනතාව ඉන් පීඩාවට පත්වීමයි.
මේ හැමදේම ගැන හිතලා රටේ බහුතර ජනතාව එම දුෂ්කරතා ඉවත් කර ගැනීමට අපට
ජනවරමක් දීලා තියෙනවා. ඒ ජනවරම නිවැරදි මාවතට ගෙන යාමට ඔබ සියලු දෙනාගේ
කැපවීම අප රජයක් ලෙස බලාපොරොත්තු වෙනවා.

හෙද වෘත්තිය අපේ රටේ පමණක් නොවෙයි මුළු ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ රැකියාවක්.
ඔබ රෝහලක සේවයට එක්වන දා පටන් ඔබගේ දැනුම මෙන්ම මානුෂීය ගති පැවතුම්
රෝගියෙකු සුවපත් කිරීමට හේතුවක් වෙනවා.
හෙද සේවයේ ඉතිහාසය ගැන ඔබ දැනටමත් හොඳින් දන්නවා. ඔබ පුහුණුව ලබන කොළඹ
හෙද විදුහල මෙරට පුරෝගාමී හෙද විදුහලක්. 1939 සිට වසර 81 ක් හෙද හෙදියන් දහස්
ගණනක් මේ රටට දායාද කිරීමට මෙම විදුහල කටයුතු කර තිබෙනවා.
රට පුරා විසිර යමින් ඔවුන් කරන ලබන සේවය අද ඔබටත් රටටත් ආශිර්වාදයක් වී
තිබෙනවා.
ඒ නිසා ඔබගේ සේවයේ වටිනාකම ඉදිරියේදී තව තවත් වැඩි වෙනවා. වසංගත තත්ත්වයකදී
පමණක් නෙවෙයි, විවිධ රෝගවලට මුහුණපාන රෝගීන් සුවපත් කිරීමට ඔබගේ දායකත්වය
ඉතා වැදගත්. විශේෂයෙන් බෝ නොවන රෝගවලින් පීඩා විදින රෝගීන් සුවපත් කිරීමටත් ඔබ
අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
හෙද පුහුණුව උපාධිය දක්වා යන වැඩපිළිවෙළ මේ රජය යටතේ දැනටමත් අප සැළසුම් කර
අවසන්. ඒ අනුව වසර තුනක ඩිප්ලෝමාව වසර හතරක උපාධියක් දක්වා උසස් කිරීමට අප
රජය බලාපොරොත්තු වෙනවා. එසේම ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර
ප්‍රමිතීන්ට අනුව විදෙස් රටවල පවා සේවය කිරීමට ඉඩ සලසන හෙද පුහුණු ක්‍රමවේදයක් අප
සකස් කරනවා. ඔබටත් එහි කොටස්කරුවන් වීමේ භාග්‍ය උදා වෙනවා.
එපමණක් නොවෙයි රට පුරා විසිර තිබෙන හෙද පුහුණු පාසල්වල යටිතල පහසුකම් වර්ධනය
කිරීමට අප පියවර ගන්නවා. විශේෂයෙන් හෙද විදුහල් තුළ පවතින විද්‍යාගාර, ගොඩනැඟිලි
හා නේවාසිකාගාර පහසුකම්වල පවතින අඩුපාඩු ඉදිරියේදී මඟහරවා දීමට අප කටයුතු
කරනවා . මේ සියල්ල ඔස්සේ රජයේ බලාපොරොත්තුව නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා
කිරීමයි.
ඔබ මේ පුහුණුවෙන් පසු ගෞරවනීය හෙද සේවාවේ සාමාජිකයෙකු වූ දාට ඔබට මහත්
අභිමානයක් ඇති වේවි.
රටක් වෙනුවෙන් ඔබ කරන සේවයට අප සැමදා ණය ගැතියි . අද ඔබ හිස මත පළදන
හිස්වැසුම ගෞරවනීය හෙද සේවයක ආරම්භය යැයි සිතා කටයුතු කරන්න.
මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන
සංඝනායක, නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය ඇමතිනි
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, සෞඛ්‍ය
අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා, කොළඹ හෙද
විදුහලේ විදුහල්පතිනි ඒ. ඩබ්ලිව්. එස්. ඩබ්ලිවි. පියසේන මහත්මිය ඇතුළු හෙද හෙදියන් සහ
ඔවුන්ගේ දෙමාපියන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img