Thursday, July 16, 2026
HomeNEWSරනිල්ගේ උපන්දිනයට චීන තානාපතිගෙන් සාදයක්.

රනිල්ගේ උපන්දිනයට චීන තානාපතිගෙන් සාදයක්.

🟢හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් කොළඹදී 22/03/2025 වැනි දින රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය.මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහභාගී වූවාය.ලංකාවට නිදහස ලබා වසරක් ගතවූ තැන එනම් 1949 වසරේදී රනිල් වික්‍රමසිංහ උපත ලබන්නේ රටේ දේශපාලන බලයේ හැරවුම් ලක්ෂය තීරණය කළ එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහගෙ පුතු ලෙස රිදී හැන්ද මුව තබාගෙනය.රනිල්ගේ පියා, එස්මන්ඩ් වික්‍රමසිංහගේ පියා සී.එල්. වික්‍රමසිංහය. සී.එල්. වික්‍රමසිංහගේ මුල් ගම ගාල්ලේ බද්දේගමය. ඔහු මුලින්ම පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටය. පසුව ඔහු කොළඹ රාජකීය විද්‍යාලයට අධ්‍යාපනය ලැබීමට ආවේය. ඉංග්‍රීසීන් යටතේ ලංකා සිවිල් සේවයට එක්වූ සී.එල්. වික්‍රමසිංහ ලංකාවේ පළමු ඉඩම් කොමසාරිස්ය. ලංකාවේ පළමු සිංහල දිසාපතියත පළමු අගමැති ඩී.එස්. සේනානායක ගොවි ජනපද ව්‍යාපාරය ක්‍රියාත්මක කරන විට ඒ පිටුපස සිටියේ සී.එල්. වික්‍රමසිංහය.සී.එල් වික්‍රමසිංහගේ වැඩිමහලු පුතා එස්මන්ඩ් වික්‍රමසිංහය. දෙවැනි පුතා ලක්ෂ්මන් වික්‍රමසිංහය. උපතින් ඇන්ගිකන්වරු වන වික්‍රමසිංහ පරම්පරාවේ ආගම තදින්ම වැලඳගත් චරිතය වූයේ ලක්ෂ්මන්ය. පූජකවරයට ඇතුළු වූ ඔහු, ලංකා සභාවේ කුරුණෑගල රදගුරු ධුරයට පත් වූවේය. එතුමා සිය වැඩිමහලු සොයුරා වූ එස්මන්ඩ් මෙන් එජාපයට ගැති නොවීය. එස්මන්ඩ්ගේ එක් පුතෙකු වන්නේ රනිල්ය. ඔහුගේ නැන්දා, එනම් සී.එල්. ගේ දියණිය මුක්තා වික්‍රමසිංහය. මුක්තා වික්‍රමසිංහ විවාහ වූයේ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කීර්තිමත්ම මහ ලේකම්වරයා වූ සෑම් විජේසිංහ සමගය. සෑම්ගේ පුතා රජීව්ය. ඒ නෑකම අනුව රනිල් හා රජීව් දෙමස්සිනෝය.2015 යහපාලන ආණ්ඩුවේ මේ පරපුරේ මස්සිනාලා හතරක් පාර්ලිමේන්තුවේ සිටියහ. ඒ, රනිල්, රජිව්, රුවන් විජයවර්ධන හා වසන්ත සේනානායක ය. රුවන්ගේ තාත්තාත්, රනිල්ගේ අම්මාත් සොයුරු සොයුරියන්ය. එමතු නොව. රුවන්ගේ මවත් වසන්තගේ තාත්තාත් සොයුරු සොයුරියෝය.රනිල්ගේ මවගේ පාර්ශවය කැළණි විහාරය ගොඩ නැගූවෝය. රනිල්ගේ අම්මාගේ තාත්තා ඩී.ආර්. විජයවර්ධනය. ලේක්හවුස් ආයතනය ගොඩනැගුවේ ඩී.ආර්. ය. ඩී.ආර්.ගේ මව හෙලේනා විජයවර්ධනය. කැළණිය විහාරයේ නූතන පුනරුදය පිටුපස සිටියේ ඇයය. ඇය කැළණියේ ප්‍රධාන දායිකාව වූවාය. කැළණි විහාරය අද ඇති තැනට ගොඩ නැගෙන්නේ හෙලේනා විජයවර්ධනගේ ධන පරිත්‍යාගය නිසාය.රනිල් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබ රටේ රාජ්‍ය නායකයා බවට පත්වූ පළමුවැන්නායි.1977 වසරේදී බියගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ලාබාලතම මන්ත්‍රීවරයා විය. විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිධූරයට පත්වූ ඔහු තරුණ කටයුතු සහ රැකි රක්ෂා කැබිනට් ඇමැතිධූරයට පත්විය. අධ්‍යාපන අමාත්‍යධූරයටත් කර්මාන්ත අමාත්‍යධූරයටත් පත්වූ ඔහු ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා යටතේ අගමැතිධූරයට පත්විය.1994 දී විපක්ෂ නායකත්වයට පත්වූ ඔහු 2001 වසරේදී අගමැතිධූරයට පත්විය. 2015 වසරේදී පැවති ජනාධිපතිවරණයෙන් පසුව නැවත වරක් අගමැතිධූරයට පත්වූ ඔහුට 2018 වසරේදී අගමැතිධූරය අහිමිවිය. එහෙත් දින 52කට පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටම නැවත වරක් රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත් කිරීමට සිදුවිය.2002 වසරේදී නැවත වරක් අගමැතිධූරයට පත්වූ ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ජනාධිපතිධූරයට පත්විය. බංකොලොත් රටක් බවට පත්වූ රටක් ආර්ථික වශයෙන් ගොඩ නැගීමට ඔහු සිය ජනාධිපතිධූර සමයේදී කටයුතු කළේය.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය අද (24) යෙදී ඇත.#mrpresidentrw #prestigiousleadership #ranilwickremesinghe #presidentofsrilankaranilwickremesinghe #mrclean #gadgetrauma #onlyranilcan #unp #unpgreenpower #political #politics #politic #fyp #foryou #viral #tiktok #srilanka #hamzijabbar MR PRESIDENT RW Ranil Wickremesinghe United National Party Ranil Wickremesinghe – The Leader with A Vision Ranil Wickremesinghe’s Media Division Follow the MR PRESIDENT RW Channel on Tiktok https://tiktok.com/@mrpresidentrwFollow the MR PRESIDENT RW Page on Facebook https://facebook.com/@mrpresidentrwSubscribe the MR PRESIDENT RW Channel on Youtube https://youtube.com/@mrpresidentrwFollow the MR PRESIDENT RW Channel on WhatsApp https://whatsapp.com/channel/0029Va4lKpbJUM2fo0fy0y3eFollow the MR PRESIDENT RW Community on Whatsapp https://chat.whatsapp.com/Fxp6KaN5e4C26O89T66Z5o

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img