රනිල්ගේ පාට සජිත් හොරෙන් අරන්. සමගි ජන බලවේගය සිය පක්ෂයේ වර්ණය ලෙස කොළපාට භාවිතා කිරීමට එරෙහිව පැමිණිල්ලක් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව සමගි ජන බලවේගය ට ලබා දී ඇති වර්ණය නිල් පාට බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි. එහෙත් මැතිවරණ ව්‍යාපාරයට සමගි ජන බලවේගය කොළපාට භාවිතා කිරීම නීති විරෝධී බව එක්සත් ජාතික පක්ෂයේ මතය වේ. මේ සම්බන්ධයෙන් පැමිණිල්ල මෙම සතියේ දී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.






















