Saturday, September 5, 2026
HomeNEWSLatest Newsයහපාලනය රටට කල විනාශයට රනිල් -මෛත්‍රී වගේම දයාසිරිලාත් වගකිව යුතුයි

යහපාලනය රටට කල විනාශයට රනිල් -මෛත්‍රී වගේම දයාසිරිලාත් වගකිව යුතුයි

යහපාලනය රටට කල විනාශයට රනිල් -මෛත්‍රී වගේම දයාසිරිලාත් වගකිව යුතුයි

  • දයාසිරිලාට ප්‍රතිපත්තියක් නෑ
  • දයාසිරිලා වගේ පනින රිලවුන්ට ඉනිමං බඳින්න එපා
  • මගේ කතාවට කේනිති යන්නේ පූට්ටු ආණ්ඩුවේ කටු සූප්පු කරපු අයටයි
  • මහ බැංකු හොරුන්ගෙන් කප්පන් ගත් දයාසිරිලා අද සුදනන් සේ හැසිරෙනවා

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ලඟ නියම ශ්‍රී ලංකාකාරයන් නොමැති බවත් ඔහු ලඟ ඉන්නේ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ කටු සූප්පු කල පාවා දෙන්නන් පිරිසක් බවත් කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.  ඔහු අවධාරණය කරන්නේ රටට කල විනාශයට රනිල් – මෛත්‍රී මෙන්ම දයාසිරිලා වැනි අයත් වගකිව යුතු බවයි.

කැළණිය රජමහා විහාරස්ථානයේ අද ( 08 ) පැවැති විශේෂ ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් මතු කල ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීවේය. ” මේ දවස් වල අර කුරුණෑගල පැත්තේ ඉන්න පැන පැන යන නම දැරූ කෙනෙකුට හොඳටම තරහ ගිහින්. මම මෛත්‍රිට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කිව්වම මෛත්‍රීට ගෑවිලා නැත්නම් මොකටද ඔච්චර උඩපනින්නේ. මේ කෑගහන්නේ වෙන කවුරුත් නෙමෙයි කුණු කාපු අය.මට දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. මම වැඩ කරන්නේ දේශපාලන ප්‍රතිපත්තියකට ආණ්ඩු එන එන අතට මාරුවෙන රිලා ප්‍රතිපත්තියක් මට නෑ. ඒක තියෙන්නේ දයාසිරිලා වගේ අයට. මොකද දයාසිරිට ප්‍රතිපත්තියක් නෑ. එයා බලන්නේ තමන්ගේ වාසිය මිසක් රට හෝ ජනතාව නෙමෙයි. දයාසිරි මුලින් හිටියේ චන්ද්‍රිකා ගාව.ඊටපස්සේ රනිල් ගාව. ඊටපස්සේ මහින්ද මහත්තයා වගේ. ඊටත්පස්සේ මෛත්‍රී ගාව. අද මෛත්‍රීගාව ඉන්නේ රනිල් – මෛත්‍රී යහපාලන පූට්ටු ආණ්ඩුවේ කටු සූප්පු කරපු අයයි. රනිල් මෛත්‍රී වගේම දයාසිරිලාත් පසුගිය යහපාලන ආණුඩුව රටට කල විනාශයට වගකිව යුතුයි. මහ බැංකු හොරුන්ගෙන් කප්පන් ගත් දයාසිරිලා සුදන මෙන් හැසිරෙනවා. නියම ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ අපි එක්කයි. නැතුව දයාසිරිලා වගේ පූට්ටුකාරයෝ එක්ක නෙමෙයි. මෛත්‍රීට මූක්කු ගහලා.යහපාලන කටු සූප්පු කරන අයට , මම මෛත්‍රීට ගෑවුනු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කිව්වාම තරහා යනවා. මෛත්‍රිට ගෑවිලා යහපාලනයට හොරෙන් හරි කඩේ ගිය නැත්නම් කවුරුත් කලබල විය යුතු නෑ. මම කියන්නේ අද රට හමුවේ තියෙන අවදානමක්. බැරිවෙලාවත් මෛත්‍රීගේ 10දෙනෙක් පාර්ලිමේනතුවට ආවොත් ඒ අය අපිට මොන මොන කොන්දේසි දායිද කවුද දන්නේ. පාර්ලිමේනතුවේ බලය රැකගන්න අපිට ඒ අයගේ කොන්දේසි වලට යට වෙන්න වුනොත් අපි මේ ගෙනයන ගෝඨාභය මහත්තයාගේ ජනතාවාදී වැඩපිළිවලට එය බාධාවක් වේවි. මෛත්‍රී ගැනවත් මෛත්‍රීට ගෑවුනු කෙනෙක් ගැනවත් මට කිසිම විශ්වාසයක් නෑ. ඒ අය තනතුරු වරප්‍රසාද වලට කලින් ජනතාව පාවා දුන් අය. දයාසිරි වගේ පනින රිලවුන්ට ඉනිමං බඳින්න එපා. ඒ නිසා අප මෙවර පාර්ලිමේන්තු එවිය යුත්තේ ජනතාව පරමාධිපත්‍ය පාවා නොදෙන උදවියයි. ඒක කිව්වාම ප්‍රතිපත්තියක් තියෙන අය කලබල විය යුතු නෑ. එහෙම පාවා දුන් අය කලබල වුනාට මට කරන්න දෙයක් නෑ “.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img