Saturday, September 5, 2026
HomeNEWSLatest Newsරාජ්‍ය සේවකයින්ට දුන්න වැටුපත් නෑ. රාජපක්‍ෂලා දෙනවා කිව්ව වැටුප් වැඩිවිමත් මාස 06...

රාජ්‍ය සේවකයින්ට දුන්න වැටුපත් නෑ. රාජපක්‍ෂලා දෙනවා කිව්ව වැටුප් වැඩිවිමත් මාස 06 ක් නෑ. හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල

රාජ්‍ය සේවකයින්ට දුන්න වැටුපත් නෑ. රාජපක්‍ෂලා දෙනවා කිව්ව වැටුප් වැඩිවිමත් මාස 06 ක් නෑ. හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල

රාජ්‍ය සේවකයින්ගේ වැටුප මංකොල්ල කෑවා. වැටුප්, විශ‍්‍රාමික දිමනා, අතිකාල දීමනා සියල්ල කපා දැම්මා. රාජ්‍ය සේවකයෝ තැපැල් ඡුන්දයේදී ආණ්ඩුවට පාඩමක් උගන්නනවා – හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල

රජයේ සේවකයින්ට හා විශ‍්‍රාමිකයින්ට අපේ රජය ජනවාරි සිට වැටුප් වැඩිවිමක් දුන්නා. 2020 ජනවාරි සිට රු: 3000 ක අවමයක් සහ රු: 24,000 ක උපරිමයකට යටත්ව තමයි අපි වැටුප් වැඩි කලේ. පච කියලා බලයට ආපු මේ ආණ්ඩුව ඉස්සරවෙලාම කලේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවිම නැවැත්විමයි. අගමැති වෙන්න ඡුන්දය ඉල්ලන මහින්ද රාජපක්‍ෂ රනුග්ගේ වැටුප් කොමිසමට වැඩිය පඩි වැඩිකරනවා කියලා ”අලූත් වැටුප් කොමිසමක් දැම්මා මාස 06 ක් ගියා තිබ්බ වැටුප් වැඩිවිමත් නෑ. අලූත් වැඩිවීමකුත් නෑ. තියෙන වැටුප කැපුවා විතරක් බව පන්විල කැළැබොක්ක ප‍්‍රදේශයේ (2020.07.08* පැවති ජන හමුවක් අමතමින් හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ ”රාජ්‍ය සේවකයින්ට සෘජු මුල්‍ය වාසියක් අත්වන ප‍්‍රධාන තීරණ තුනත් ජනවාරි මාසයේ සිට කි‍්‍රයාත්මක විමට නියමිතව තිබුණා. රාජපක්‍ෂ ආණ්ඩුව, බලයට ආපු ගමන් මේ වැටුප් වැඩිවිමට අදාල මේ තිරණ තුනම නැවැත්වුවා.

  1. 2016 – 2019 දක්වා විශ‍්‍රාම ගත වුවන්ගේ විශ‍්‍රාම වැටුප් වැඩිවීම පිළිබඳව නිකුත් කල චක‍්‍රලේඛය අත්හිටේව්වා. විශ‍්‍රාමිකයින්ට අපි දුන්න දීමනා වැඩිවිම රු: 3000 සිට 7200 දක්වා මුදල අහිමි කලා.
  2. රනුග්ගේ කමිටු වාර්තාව අනුව වැටුප් වැඩි කිරිම සඳහා නිර්දේශ ලබා දී ඇති කැබිනට් අනුමැතිය කි‍්‍රයාත්මක විම අත්හිටුවනු ලැබුවා. රාජ්‍ය සේවකයින්ට අපි දුන්න වැටුප් වැඩිවිම නැති කලා.
  3. ”මාණ්ඩලික (විධායක* නිලධාරින්ට රු: 15,000 ක වැටුප් වැඩිවිමක් පිළිබඳව ජනවාරි මාසයේ චක‍්‍රලේඛයක් නිකුත් කර තිබියදි එය අත්හිටුවිම.

අපේ ආණ්ඩුවේ ඉල්ලිමට, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසෙන විසින් විශේෂ වැටුප් කෙමිසමක් පත් කලා. 2015 රු: 11,730 ක අවම වැටුපක් ලැබු අයෙකුට 2019 ජනවාරි වන විට රු: 24,250 දක්වා වැටුප් වැඩි වුණා. එයට අමතරව 2020 ජනවාරි සිට රු: 3000 ක අවමයක්, රු: 24,000 ක උපරිමයකින් වැටුප් වැඩි කරන්න 2019 අගෝස්තු මාසයේ අපේ ආණ්ඩුව අනුමැතිය දුන්නා. නමුත් රු: 35,000 කින් වැටුප් වැඩි කර ගන්න හිතාගෙන පෝලිමට ගිහින් ”ගෝඨාබය ජනාධිපති” කලා. නමුත් ගෝඨාභය ජනාධිපතිතුමා මුලින්ම කලේ එතුමා දිනවපු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවිම නවතා දැමිමයි. දැන් රාජ්‍ය සේවකයින්ට රුපියලක්වත් වැටුප් වැඩිවිමක් නෑ.

ජනාධිපතිවරණයේදි රාජ්‍ය සේවකයෝ වැඩි වැටුප් ගන්න ගෝඨාභයට රාජපක්‍ෂට ඡුන්දය දුන්නා. 2020 වැටුප් වැඩිවිම දුන්නානම් 2015 රු: 13990 ක් වුණ කළමණාකාර සහායක සේවයේ අයට අද රු: 33,260 ක් ලැබිය යුතුයි. රු: 15,215 ක් ලැබුණු අයට රු: 36, 530 ක් ලැබිය. විධායක නිලධාරි වැටුප රු: 22,935 සිට රු: 57,200 දක්වා වැඩිවිය යුතුව තිබුණා. ලේකම්වරයෙකුගේ මුලික වැටුප රු: 47,515 සිට රු: 122,625 දක්වා වැඩිවිය යුතුව තිබුණා. ඒ විතරක් නෙවෙයි, අතිකාල දිමනා, වෙනත් දීමනා සියල්ල එයට සාපේක්‍ෂව වැඩිවිය යුතුව තිබුණා.

ආණ්ඩුව වැඩි වැටුප් බලාගෙන හිටපු රාජ්‍ය සේවකයෝ සියළු දෙනා ලොකු ලනුවක් දිලා රැුවැට්ටුුවා. අලූත් වැටුප් කොමිසමක් දැම්මා. දැන් තැපැල් ඡුන්දේ එනවා. රාජ්‍ය සේවකයෝ, විශ‍්‍රාමිකයෝ රවට්ටපු ආණ්ඩුවට පාඩමක් උගන්වන්න රාජ්‍ය සේවකයෝ සැදි පැහැදි ඉන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img