Sunday, September 6, 2026
HomeNEWSLatest Newsකොළඹ වරාය නගරයේ පාලම් 10 ක ඉදිකිරීම් කටයුතු අගමැති උපදෙසින් කඩිනම් කෙරේ.

කොළඹ වරාය නගරයේ පාලම් 10 ක ඉදිකිරීම් කටයුතු අගමැති උපදෙසින් කඩිනම් කෙරේ.

කොළඹ වරාය නගරයේ පාලම් 10 ක ඉදිකිරීම් කටයුතු අගමැති උපදෙසින් කඩිනම් කෙරේ.

කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO )පාලම් 10 ක ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරෙන අතර ලබන වසර ඇතුළත මෙම සියලූ පාලම්වල ඉදිකිරීම් කටයුතු මුලූමනින්ම අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු පසුගිය වසර කිහිපය තුළ අඩාල වී තිබුණු අතර නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී උපදෙස් ලබාදුන්නේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසයි.

කොළඹ වරාය නගරයේ හෙක්ටයාර් 269 ක බිම ගොඩකිරීමෙන් පසුව එහි අයිතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට මැදිහත් වූයේ ද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය.

මේ අනුව අදියර කිහිපයක් යටතේ කොළඹ වරාය නගරය ඉදිකෙරෙන අතර එහි පාලම් 10 ක ඉදිකිරීම් කටයුතු ද මේ දිනවල කඩිනමින් සිදුකෙරේ.

පාලම් 10 ඉදිවන්නේ කොළඹ වරාය නගරය මැදින් ගමන් කරන මුහුදු ඇල මාර්ගය හරහාය.

මීටර් 80 ක පළලින් යුත් කිලෝමීටර් 3 ක් පමණ දිගින් යුත් මෙම මුහුදු ඇල මාර්ගය කොළඹ වරාය නගරය මැදින් ගමන් කරන අතර එමඟින් කොළඹ වරාය නගරයට අලංකාරබවක් ලබා දේ.

කොළඹ වරාය නගරයේ ජල බැස්මට හා ඉංජිනේරුමය අවශ්‍යතාවයන් සඳහා ද මෙම මුහුදු ඇල මාර්ගය යොදාගැනීමට සැලසුම් කර තිබේ.

මෙහි පාලම් 5 ක් පදිකයින් සඳහා වෙන් කෙරෙන අතර ඉතිරි පාලම් 5 රථවාහන සඳහා වෙන්කර තිබේ.

මෙම පාලම් මීටර් 80 සිට මීටර් 130 දක්වා විවිධ දිගවලින් සමන්විත වන අත පාලම්වල පළල මීටර් 4 සිට මීටර් 42 දක්වා විවිධ පළළින් සමන්විත වේ.

මෝටර් රථ වාහන සඳහා වෙන්කර තිබෙන පාලම් කොන්ක‍්‍රීට්වලින් ඉදිකරන අතර මගීන් වෙනුවෙන් වෙන්කර තිබෙන පාලම් යකඩවලින් නිර්මාණය වෙමින් පවතී.

කොළඹ වරාය නගරය මැදින් ගමන් කරන මුහුදු ඇල මාර්ගයේ මගී ප‍්‍රවාහන යාත‍්‍රා යෙදවීමටත් සැලසුම් කර තිබෙන අතර ජල ක‍්‍රීඩාවල යෙදෙන කුඩා සැහැල්ලූ යාත‍්‍රා ද මෙහි යෙදවීමට බලාපොරොත්තු වේ.

මීට අමතරව තවත් ජල ක‍්‍රීඩා අංග රැසක් ද මෙම මුහුදු ඇල මාර්ගය තුළ යෙදවීමට සැලසුම් කර තිබේ.

මගී ජනතාව වෙනුවෙන් යොදවා ඇති මගී පාලම් පදිකයින්ට වඩාත් සුරක්ෂිත වන ලෙස ඔවුන්ට නැවුම් අත්දැකීමක් ලැබෙන ආකාරයෙන් සකස් කරමින් පවතී.

ගාලූ මුවදොර පිටිය ( Gall face) ප‍්‍රදේශයට විවේකීව ගතකිරීමට පැමිණෙන ජනතාවට එහි වෙරළට යාමට සහ දිය නෑමට යෑම යම් යම් ගැටළු වලට හේතුවූවද කොළඹ වරාය නගරයේ වෙරළ තීරයට පිවිසීම සහ දියනෑමේ කටයුතු කිසිදු ගැටළුවකින් තොරව සිදුකිරීමට හැකි අතර ගාලූමුවදොර පිටිය ප‍්‍රදේශයේ සිට කොළඹ වරාය නගරයට පාගමණින් පැමිණිය හැකි වන පරිදි පිවිසුම් මාර්ගයක් ද ඉදිකෙරෙමින් පවතී.

සාමාන්‍ය පොදු මහජනතාවට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව කොළඹ වරාය නගරයට පිවිසිය හැකියි.

මෙරට විශාලම සංවර්ධන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය තුළින් රටට ආර්ථික ප‍්‍රතිලාභ ඇතුළු තවත් විශාල ප‍්‍රතිලාභ හිමිවන අතර ආසියාවේ මෙන්ම මුළු ලෝකයේම ආයෝජකයින්ගේ අවධානය මේ වන විටත් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය කෙරෙහි යොමු වී තිබේ.

විශාලතම සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතිය නිසි ආකාරයට කඩිනමින් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති අතර නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය, ඉංජිනේරු ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතාගේ අධික්ෂණය යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ උපදෙස් හා අධික්ෂණය යටතේ කොළඹ වරාය නගරය ඉදිකෙරෙන අතර Port City Colombo pvt/Ltd සමාගම ආයෝජන සමාගම වශයෙන් කටයුතු කරන අතර China Harbor Company (CHEC)සමාගම කොන්ත‍්‍රාත් සමාගම වශයෙන් කටයුතු සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img