පසුගිය යහපාලන රජය සීමාවක් නොමැති පළිගැනීමක් සිදුකළා……….
ජනතාවට වෙනුවෙන් කිසිදු කැපකිරීමක් කළේ නැහැ…..
මෙම තීරණාත්මක මැතිවරණයේදී තම යුතුකම ඉටුකිරීම පිළිබඳව ජනතාව සිය තීන්දුව ගෙන අවසන්…….
පසුගිය යහපාලන රජය සීමාවක් නොමැති පළිගැනීමක් සිදු කළා හැරෙන්නට ජනතාව වෙනුවෙන් කිසිදු කැපකිරීමක් සිදු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ Bfha (2020.07.07) පස්වරුවේ කටුගම්පොල ඊරියගොල්ල ප්‍රදේශයේ පැවති හමුවla අමතමිනි.
පසුගිය රජය සීමාවක් නොමැති පළිගැනීමක් වෙනුවෙන් අවධානය යොමු කළා මිස ජනතා ප්‍රශ්න දෙස හෝ සංවර්ධනය ගැන හෝ කිසිදු අවධානයක් යොමු නොකළ බැවින් රටේ ඉදිරි ගමන වැලකී ගිය බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.
තිස් අවුරුදු යුද්ධයක් අවසන් කොට රටක් වශයෙන් ස්වාධීනව ඉදිරියට යන ශ්‍රී ලංකාව නැවැත්වීමට විදේශීය බලපෑම් එල්ල වූ බවත්, 2015 දී ඔවුනට අවශ්‍ය ආණ්ඩුවක් පත්කර ගත් බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදේශීය බලවේගයන්ට අවශ්‍ය රජයක් පත් කරගත් නමුත් ඔවුන්ට පළිගැනීම හැරෙන්නට ජනතාවගේ ගැටලු විසඳීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබිණි.
විදේශීය කුමන්ත්‍රණවල බලපෑමෙන් ජනතාව තුළ ඇති කර තිබූ වැරදි මත වාදයන් සම්බන්ධයෙන් පසුගිය සමයේදී ජනතාව මනා ලෙස තේරුම් ගත් බවත්, මෙම තීරණාත්මක මැතිවරණයේදී තම යුතුකම ඉටුකිරීම පිළිබඳව ජනතාව සිය තීන්දුව ගෙන අවසන් බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
වර්තමානයේ දී සජිත් ප්‍රේමදාස පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කොට ඇතැයි ද පෙන්වා දුන් අ.%dමාත්‍යවරයා සිරිකොතේ බලය ඇල්ලීම සඳහා ඡන්දය දෙන්නැයි ඔහු රට පුරා ප්‍රකාශ කරමින් යන බව බව ද සඳහන් කළේය.
සිරිකොතේ බලය ඇල්ලීම සඳහා වටිනා ඡන්දය භාවිතා කරනවා වෙනුවට රටේ සංවර්ධනය, දරුවන්ගේ අනාගතය සහ සමස්ත ජාතියේම නැගී සිටීම උදෙසා වටිනා ඡන්දය භාවිතා කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම හමුව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් සහභාගී වූහ.






























