හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර ඇති මෝසම සලකාබැලීම සඳහා ලබන 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (08) නියම කළේය.
ඒ, විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනීසිටින ලෙස තමා වෙත නිකුත්කර තිබෙන නියෝගයක් අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වික්‍රමසිංහ මහතා ගොනුකර තිබෙන මෝසම සම්බන්ධයෙනි.
මෙම මෝසම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී.එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී, අදාළ මෝසමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපති ලේකම් ධුරයේ වෙනසක් සිදුවී ඇති හෙයින් එය සංශෝධනය කිරීම සඳහා අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුනි.






















