රවී ඇතුළු පිරිස මාර්තු 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
බැඳුම්කර වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තකරුවන් 08 දෙනා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අධිකරණය එම නියෝගය ලබාදුන්නේ 2016 වරේදී රුපියල් බිලියන 36 .89ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (24) පස්වරුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.
දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දී තිබේ.
එම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුගේ ඇප ඉල්ලීම්වලට අදාළ කරුණු දැක්වීම් ඔවුන්ගේ නීතිඥවරු විසින් ඊයේ ්(23) අවසන් කොට තිබුණි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ 11 වන විත්තිකරු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකාව මහ බැංකුවේ නිලධාරියෙකු වන ඉන්දික සමන් කුමාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සිය ඇප ඉල්ලීමට අදාළ කරුණු ඉදිරිපත් කිරීම් සිදුකළේය.
එම කරුණු දැක්වීමේ අවසන් වීමෙන් පසුව වැඩිදුර විභාගය මේ මස 30 වැනිදා දක්වා කල් තැබීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින එම ඇප ඉල්ලීම්වලට අදාළ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.






















