වසර 20ක් පුරා ගොවීන් විසින් වගා කරමින් සිටි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත්ව තිබූ මගුරන්කඩවල කුඹුරු අක්කර 9 කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාපාරිකයෙකුට වෙන්කරගැනීමට උත්සාහ දැරීමේ සිදුවීමක් හේතුවෙන් ගොවීන් සහ පොලිසීය අතර අද (20) නොසන්සුන්තාවක් ඇතිවිය.
මෙහිදී ගොවීන් 7 දෙනෙකුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගොවීන් චෝදනා කළේ කිසිදු නිල අවසරයකින් තොරව රස්නායකපුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පමණක් මෙම කුඹුරු ඉඩම් ව්‍යාපාරිකයකුට කම්බි ගසා වෙන්කර දීමට කටයුතු කරන බවටය.






















