Tuesday, September 22, 2026
HomeNEWSරසායනික පොහොර සඳහා කළ වියදම කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් - ජනපතිගෙන් උපදෙස්

රසායනික පොහොර සඳහා කළ වියදම කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් – ජනපතිගෙන් උපදෙස්

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තෙරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

ඒ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මකවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර තිබේ. 

ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, එය යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා මෙරට කෘෂි කර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමුකිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවය.

අනාගත දරු පරපුරේ යහපත උදෙසා ගනු ලබන මෙම උත්සහායේදී ගොවියාට අපහසුතාවයක් නොවන පරිදි ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවට එම මාධ්‍ය අංශය සඳහන් කරයි. 

ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතුය. 

නිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් දී ඇත.

එහිදී පොහොර නිෂ්පාදකයෝ පවසා ඇත්තේ, කන්න කිහිපයක් ඇතුළත කෘෂි කර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරටදීම නිෂ්පාදනය කළ හැකි බවය.

රසායනික පොහොර ගෙන්වීමට වාර්ෂිකව රජය විශාල මුදලක් වැයකරයි. 

එම මුදල කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පියවර රැසක්ගෙන ඇති බව සාකච්ඡාවේදී අනාවරණය කෙරිණ. 

ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අඩු පොලියට ණය පහසුකම් සැපයීමට රාජ්‍ය බැංකු ඉදිරිපත්ව සිටින බවද මෙහිදී අනාවරණය වී ඇත.

කාබනික පොහොර භාවිතය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ. 

දිවයිනේ සියලු ප්‍රදේශවල නිෂ්පාදනය කරන කාබනික පොහොර, ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් මිලදී ගැනීමටත්, වී ඇතුලු වෙනත් භෝගවලට අනුව පොහොර බෙදාදීමට අවශ්‍ය යාන්ත්‍රණයත් සකසා අවසන් බව විෂයභාර අමාත්‍යවරු පෙන්වා දී තිබේ. 

ඒ අනුව මහ කන්නයට පෙර, ග්‍රාමීය මට්ටමින් පස පරීක්ෂා කර යෙදියයුතු පොහොර ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාගන්නැයි ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත. 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img