Saturday, October 24, 2026
HomeNEWSරහස් ඡන්දයේ රහස රටටම හෙළි කරනවා- සජබයේ වරුණ රාජපක්ෂ.

රහස් ඡන්දයේ රහස රටටම හෙළි කරනවා- සජබයේ වරුණ රාජපක්ෂ.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතාය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,‘‘කොළඹ මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයා හෝ නගරාධිපතිනය තෝරා ගැනීමට සඳහා වන ඡන්දය පැවැත්වුණා. එම ඡන්දයෙන් ව්‍රයි කැලි බල්තසාර් මහත්මිය ජයග්‍රහනය කළා. ඒ වගේම ව්‍රයි කැලි බල්තසාර් මහත්මියට සුභ පැතිම සිදුකරන අතරවාරයේම එම පත්වීම පිළිබඳව තිබෙන ගැටලු කිහිපයකුත් සඳහන් කළ යුතුයි. පළාත් පාලන පනත අනුව නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා පත් කර ගැනිමේ විවෘත හෝ රහස් ඡන්දයක් පැවැත්වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම රහස් ඡන්දයක් සහ විවෘත ඡන්දයක් කියන ඡන්ද දෙකම සභිකයන් විසින් ඉදිරිපත් කළ හොත් ඒ සම්බන්ධයෙන් එක් එක් සභිකයාගේ නම විමසීමක් සිදුකළ යුතුයි. ඒ වගේම කොළඹ මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී සමගි ජනබලවේගය විවෘත ඡන්දයක් ඉල්ලා සිටියා. ඒ වගේම ජාතික ජනබලවේගය විසින් රහස් ඡන්දයක් ඉල්ලා සිටියා. කෙසේ නමුත් රහස් ඡන්දයක් පවත්වනවාද , විවෘත ඡන්දයක් පවත්වනවාද කියන දේ සම්බන්ධයෙන් සභාවේ මතය විමසා බැලිය යුතුයි. කෙසේ නමුත් ඒ සඳහා සභාවේ මතය විමසිම සම්බන්ධයෙනුත් නැවත රහස් ඡන්දයක් පැවැත්විය යුතු බව පළාත් පාලන කොමසාරිවරිය තින්දුවක් ගනු ලැබුවා. ඒ වගේම රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක් කියන කාරණය සම්බන්ධයෙන් අදාල පනතේ සඳහන් වෙලා නැතිනම් රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද පවත්වන්නේ කියලා නැවත රහස් ඡන්දයක් පවත්වන සම්ප්‍රදායක් නෑ. එවැනි අවස්ථාවක විවෘත ඡන්දයක් තමයි පැවැත්විය යුත්තේ. ඒ වගේම පළාත් පාලන පනත අනුව නගර සභාවලට සහ ප්‍රාදේශීය සභා සඳහා නගරාධිපතිවරු සහ සභාපතිවරු තෝරාපත් කරගැනීමේදී එක් එක් සභිකයාගෙන් විමසා විවෘත ඡන්දයක්ද රහස් ඡන්දයක්ද පවත්වන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන උපදෙස්වල සඳහන් වෙනවා. මෙම උපදෙස් සම්බන්ධයෙන් නගර සභාවේ මන්ත්‍රීවරු මතුකළා. එම අවස්ථාවේදී උපදෙස් පත්‍රයේ කුමක් සඳහන් වුණත් පනත අර්ථකතනය කිරිමට ඇයට සිදුකළ හැකි බව පළාත් පාලන කොමසාරිස්වරිය සඳහන් කළා. ඇයට පනත අර්ථකතනය කර පළාත් පාලන කොමසාරිස්වරියට තිරණයක් ගත හැකි නම් රාජ්‍ය පරිපාන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන්නේ ඇයි ද කියන ප්‍රශ්නය මතුවෙනවා. කෙසේ නමුත් උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන්නේ පනතේ තිබෙන කාරණා පැහැදිලි කර ගැනිම සඳහා වන සහයෝගයක් ලෙසයි. ඒ වගේම දිගින් දිගටම රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට පළාත් පාලන කොමසාරිවරිය සඳහන් කළා. ඒ නිසා රහස් ඡන්දයේ යම්කිසි රහසක් තිබෙන බව පැහැදිලියි. ඒ වගේම ආණ්ඩුවේ ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු රොස්මිඩ් ප්ලෙස් හි අංක 59 නිවසේ රැස් වෙලා තිබෙනවා. ඒ වගේම එම ස්ථානයට රාජ්‍ය නිලධාරින් කැඳවලා තිබෙනවා. කෙසේ නමුත් කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනිම සඳහා ආණ්ඩුව විවිධ වරදාන වරප්‍රසාද යෝජනා කරමින් සිටියා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතදීත් අවස්ථා ගණනාවකදි වාර්තා වුණා. කෙසේ නමුත් අවසානයේ ජාතික ජනබලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත්වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ වගකිම වන්නේ කොළඹ නගරයේ මහජනතාවට අවශ්‍යකරන සේවය සැපයිම. ඒ වගේම කොලඹ මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයෙකු පත් කිරිමේදී ලංකාවේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ගොඩනැගි තිබෙනවා. ඒ වගේම පළාත් පාලන කොමසාරිස්වරිය යනු ජාතික ජන බලවේගයේ පළාත් පාලන කොමසාරිවරිය නෙවෙයි. පළාත් පාලන කොමසාරිස්වරිය රාජ්‍ය නිලධාරිනියක්. ඇය ස්වාධීනව කටයුතු කළ යුතුයි. නමුත් ඇය ස්වාධිනව කටයුතු කරනවා වෙනුවට දිගින් දිගටම ඇය කොලඹ මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයෙකු පත් කිරිම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතුයි යන තිරණයේ සිටියා. මෙය ලංකාවේ රාජ්‍ය සේවයට කලු පැල්ලමක් එකතුකරපු සිදුවීමක්. ඒ වගේම ආණ්ඩුව පැවැත්විම සහ ඡන්ද ජයග්‍රහනය කිරිම වෙනුවෙන් පසුගිය කාලය පුරා දැඩි වෙහෙසක් ගත්තා. ජාතික ජනබලවේගය පාළාත් පාලන ආයතනවල බලය ලබාගැනිම විශාල දඩයමකයි නිරතවෙලා සිටියේ. ඒ වගේම ලෝක බැංකු වාර්තාවකුත් පසුගියදා නිකුත් කරලා තිබුණා. පසුගිය වසරේ ලංකාවේ ආර්ථික වර්ධනවේගය සියයට 5.1 ක් දක්වා වර්ධනය වෙලා තිබුණා. මේ වසර වනවිට ලංකාවේ ආර්ථික වර්ධනවේගය සියයට 3.5 ක් දක්වා අඩුවෙලා තිබෙනවා. ඒ වගේම ලෝක බැංකුව පුරෝකතනය කර තිබෙනවා ලබන වසරේ ලංකාවේ ආර්ථික වර්ධනවේගය සියයට 3.1 ක් දක්වා අඩු වෙනවා කියලා. ඒ අනුව රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන බවක් පෙනෙන්න තිබෙනවා. ඒ අනුව රට ඉදිරියේදී බරපතල අර්බුද ගණනාවකට මුහුණ දෙන්න නියමිතයි. ඒවා පිළිබඳව ආණ්ඩුව කිසිදු අවදානයක් නොමැතිව ප්‍රාදේශිය සභාවල , නගරසභාවල විපක්ෂයේ සහ ස්වාධීන සභිකයන් තමන්ගේ පැත්තට නංවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව තමයි ආණ්ඩුව සිදුකරමින් සිටියේ. ඒ අනුව ආණ්ඩුව දැන්වත් රටේ ජනතාව වෙනුවෙන් වැඩක් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව ප්‍රකාශ කළා හොරුන් අල්ලනවා කියලා. ඒ අනුව ආණ්ඩුවෙන් වැඩියෙන්ම හොරු අල්ලපු දවස් තමයි මේ ගෙවීගෙන යන්නේ. ආණ්ඩුව මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා පළාත් පාලන මැතිවරණයට විපක්ෂයෙ පක්ෂ වලින් සහ ස්වාධිනව පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ හොරු කියලා. ඒ අනුව ආණ්ඩුවේ මැති ඇමැතිවරු විපක්ෂයෙ පක්ෂ වල සහ ස්වාධින කණ්ඩායම්වලින් ඉදිරිපත් වුණ සභිකයන් මුණ ගැසිලා හොරු ඇල්ලිමේ මෙහෙයුම ආණ්ඩුව නිරත වෙලා සිටියා. ඒ මෙහෙයුම අවසන් කරලා ආණ්ඩුව කොළඹ මහ නගර සභාවේ බලය ලබාගෙන තිබෙනවා. ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජනබලවේගයටම දිය යුතු බවට පුර්ව විනිශ්චයක පැමිණෙන්න පළාත් පාලන කොමසාරිවරියට තිබුණා. ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට ගියහොත් කොමසාරිවරයෙකුගේ පාලනයට යටත් කරන බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මෙම පත් කිරිම අනිතික ලෙස සිදුකරන්න පුලුවන් කියන විශ්වාසය ආණ්ඩුවට තිබුණා. එය තමයි රටේ මේ වනවිට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය. ඒ වගේම රාජ්‍ය නිලධාරින් සිතිය යුතුයි රටේ දේශපාලන තන්ත්‍රයන් වෙනස් වෙනවා කියන කාරණය. ඒ වගේම ජාතික ජනබලවේගයෙන් පත්වුණ නගරාධිපතිනිය ඡන්ද 61 ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ට තිබුණ ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 13 ක් වැඩිපුර ලබාගෙන තිබෙනවා. ඒ ඡන්ද 13 ජාතික ජනබලවේගයේ නෙවෙයි. එම ඡන්ද 13 ලබාගැනිම සිදුකළ යුත්තේ වෙනත් දේශපාලන පක්ෂයකින්. නමුත් ජාතික ජනබලවේගය මැතිවරණ කාලයේ ප්‍රකාශ කළේ විරුද්ධ පක්ෂවල සහ ස්වාධින කණ්ඩායම්වල සිටින්නේ හොරුන් කියලා. නමුත් ඔවුන්ගේ සහාය ජාතික ජනබලවේගය ලබාගෙන තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව මෙහිදි ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කරලා තිබෙනවා. ඒ වගේම අල්ලස් ලබාගෙන ඡනදය භාවිතා කිරිමේ හොදම ක්‍රමය වන්නේ රහස් ඡන්දයකට යෑම. ඒ නිසා තමයි ජාතික ජනබලවේගය කොළඹ මහ නගර සභාවේ සභාපතිධුරය ලබාගැනිම සඳහා දිගින් දිගටම රහස් ඡන්දයක් ඉල්ලා සිටියා. ඔවුන් විවෘතනම් , ප්‍රතිපත්තිගරුකනම් විවෘත ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලිම් කරන්න තිබුණා. නමුත් විපක්ෂයේ පක්ෂවලට ඩිල් දේශපාලනයක් නැති නිසා තමයි අපි විවෘත ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේ. ඒ වගේම ජාතික ජනබලවේගයට වඩා විපක්ෂයට තමයි වැඩි ඡන්ද ප්‍රතිශයක් හිමි වෙලා තිබුණා. ඒ අනුව ජාතික ජනබලවේගයේ නගරාධිපති අපෙක්ෂිකාවට ඡන්දය දුන්නේ කවුද කියලා දැන ගන්න කොළඹ ජනතාවට අයිතියක් තිබෙනවා.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img