Saturday, September 5, 2026
HomeNEWSLatest Newsරාජකාරිය පැහැර හරින නිළධාරින්ට ආණ්ඩුකාරවරිය දෙහි කපයි.

රාජකාරිය පැහැර හරින නිළධාරින්ට ආණ්ඩුකාරවරිය දෙහි කපයි.

රාජකාරිය පැහැර හරින නිළධාරින්ට ආණ්ඩුකාරවරිය දෙහි කපයි.

රක්ෂිත ආරක්ෂා කර ගැනීම නිළධාරින් සතු වගකිමක් බවත් එසේ නොකරන නිළධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට තමන් පසුබට නොවන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

දැනට මාස තුනක කාලය පටන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වටිනා රක්ෂිත යම් සංවිධානාත්මක පිරිස් විසින් විනාශ කරමින් පවතින අතර ඒවා ආරක්ෂා කිරිමට සිටින නිළධාරින් සිය රාජකාරිය පැහැර හරින බව දැඩි ලෙස පෙනී යන බව ද ආණ්ඩුකාරවරිය කිවාය.

රක්ෂිත වල වටිනා ගස් කපා විනාශ කළ පසු වැරදිකරුවන් අල්ලා හිරේ දැමිමෙන් පමණක් එම ගැටළුව නිරාකරණය නොවන බව ද ආණ්ඩුකාරවරිය කියා සිටියාය. රක්ෂිත විනාශ කිරීමට පෙර එය නතර කිරීමට වැඩපිළිවෙලක් තිබිය යුතු බව ද ඇය අවධාරණය කළාය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවති දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ දී ආණ්ඩුකාරවරිය මේ බව පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ ද පැවසුවාය.

“අපේ පළාතේ කාලයක් තිබුණ ප්‍රශ්ණ තවමත් විසදිලා නෑ. තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා රජයේ නිළධාරින්ට තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව අහිමි වුණා. පසුගිය අවුරුදු 5ක කාලය තුළදී යුද්ධය නැති වුණාට අදක්ෂ ආණ්ඩුවක් තිබුණ නිසා නිළධාරීන් අරසණ වුණා. හැබැයි දැන් එහෙම නෑ අපට කෙලින් වැඩකරන රාජ්‍ය නායකයෙක් ලැබිලා තියෙනවා. රටට වැඩක් කරන්න පුළුවන් හොදම අවස්ථාව තමයි මේක. මේ පළාතේ සංවර්ධනය මේ කාලය තුළ සිදු වෙන්න ඕනෑ. මම කෙටිකාලීන ද දිගුකාලීන ද කියන එක මම දන්නේ නෑ එක දවසක් හිටියත් මම මේ පළාතට වැඩක් කරන්න ඕනෑ. මේ පළාත සම්පත් බහුල පළාතක් අපි එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුයි යැයිද”ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අතර පරිසරය ආරක්ෂා කර ගැනීම සදහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු 3ක් ස්ථාපිත කිරීමට සහ රක්ෂිත හදුනා ගැනීම සදහා දැන්වීම් පුවරු සවි කිරිමටත් මෙහිදී තීරණය කෙරිණි. ඊට අමතරව පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහය ඇතිව රක්ෂිත ආරක්ෂා කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාක්මක කිරිමට ද මෙහිදි එකගතාවය පළවිය.

මෙම අවස්ථාවට ත්‍රිකුණමලය දිස්ත්‍රික් ලේකම් අසංක අබේවර්ධන, දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකරිය, වනරක්ෂණ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිළධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img