Sunday, November 1, 2026
HomeNEWSරාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙන හැටි

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙන හැටි

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පවසන්නේ ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණ දායකත්වය ද ලබාගන්නා බවය.

“රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුවිශේෂි ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක් ඒ සඳහා සුදුසු බුද්ධිමත් උගත් අයගෙන් මුදල් අමාත්‍යාංශය විසින් පත්කරලා තියෙනවා. මේ පිළිබඳව සුවිශේෂී සොයා බැලීමක් කරලා එකින් එක ඒ ආයතනයට ගැළපෙන පරිදි ඉතා විනිවිඳභාවයෙන් යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණය කොටස.. ජාත්‍යන්තර මුල්‍ය අරමුල සමග ඇතිකරගත් එකඟතාවය විදිහට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කියන පරිච්චේදය කියවන්න. එකේ ඉතා පැහැදිලිව තියෙනවා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයක් ඇතිව පරිපුර්ණ ක්‍රමඋපායක් යටතේ විතරක් මේක කරන්න කියලා. පරිපුර්ණ ක්‍රමයක්. මෙතනදි විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයක් තියෙනවා. ඒ නිසා විවිධ අත්දැකීම් තියෙන්න පුළුවන් නමුත් මේ වතාවේ ඉතාමත් උපරිම ලෙස විනිවිඳභාවයෙන් යුතුව රටට, රජයට ලැබිය යුතු උපරිම වාසිය ලැබෙන පරිදි තමයි මේ ප්‍රතිව්‍යුහගතකරන කරන්න සූදානම්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img