Saturday, September 19, 2026
HomeNEWSරාජ්‍ය සේවක වැටුප ගෙව්වේ යූරියා පොහොර ආදායමෙන් - කෘෂි ඇමති කියයි

රාජ්‍ය සේවක වැටුප ගෙව්වේ යූරියා පොහොර ආදායමෙන් – කෘෂි ඇමති කියයි

පසුගිය දෙසැම්බර් මාසයේ රජය විසින් රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක දීය. 

පසුගිය යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා තිබේ.

එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කිරීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිත කිරීමට රජයට සිදුවූ අමාත්‍යවරයා එලෙස පැවසීය.

එමෙන්ම මෙවර මාස් කන්නයේවී අස්වනු නෙලීම ලබන සතිය අවසන් වනවිට ඇතැම් ප්‍රදේශවල ආරම්භ වන බැවින් වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10කවත් මුදලක් අවශ්‍ය වනු ඇතැයි ද  අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img