Wednesday, September 23, 2026
HomeNEWSLatest Newsරාජ්‍ය බැංකු සේවක විශ්‍රාම වැටුප් ගැටළුවට විසඳුම්......

රාජ්‍ය බැංකු සේවක විශ්‍රාම වැටුප් ගැටළුවට විසඳුම්……

රාජ්‍ය බැංකු සේවක විශ්‍රාම වැටුප් ගැටළුවට විසඳුම්……

පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මඟින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය (Ceylon Bank Employees’ Union) සිදු කළ ඉල්ලීමට අනුව හැකි ඉක්මණින් එම කොමිසම පත් කරන බව  මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ලංකා බැංකු සේවක සංගමය (Ceylon Bank Employees’ Union)  සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද (2020.06.26) දින අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය. 

මෙහිදී රාජ්‍ය බැංකුවල පවතින ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ දීර්ඝව සාකච්ඡා කරන ලදී. 

එසේම රාජ්‍ය බැංකුවල දැනට සේවයේ යෙදී සිටින සේවකයින් විශ්‍රාම යාමේ දී විශ්‍රාම වැටුප් පිළිබඳව වූ ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ අතර එහිදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සහ විසඳුම් ලබා දීම කමිටුවක් හරහා ඉක්මනින් සිදුකිරීමට අගමැතිවරයා තීරණය කළේය. 

රාජ්‍ය බැංකුවල 2019 වර්ෂයට අදාළව මෙතෙක් ලබා නොදුන් දිරි දීමනා පාරිතෝෂිකය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ මුල්‍ය අර්බුදය ද සැළකිල්ලට ගනිමින් එම දිරි දීමනාව රාජ්‍ය බැංකු සේවකයින්ට ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතාට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය බැංකුවල පවතින ඉහළ කළමණාකාරිත්වයේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් ද ලංකා බැංකු සේවක සංගමය (Ceylon Bank Employees’ Union) විසින් කරුණු දැක්වූ අතර අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන ලෙසයි.මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර මහතා, වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ මහතා,  ලංකා බැංකු සේවක සංගමයේ (Ceylon Bank Employees’ Union) සභාපති චන්න දිසානායක මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img