රුවන්වැලි මහා සෑ රඳුන්ගේ ආශිර්වාදය විමල් – උද්දික දෙපොළ ලබාගත් අයුරු …
ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ හා උද්දික ප්‍රේමරත්න යන මහත්වරු අද (26) දින උදෑසන රුවන්වැලි මහා සෑ රඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට කටයුතු කළේය. එහි දී පළමුව රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි බැහැදැක ආශිර්වාදය ලබාගත් අතර චෛත්‍ය රාජයාණන් අභිමුව, මීට ඉහත දී විමල් වීරවංශයන් සහ උද්දික ප්‍රේමරත්නයන් සිය ඡන්ද ව්‍යාපාරයන් ආරම්භ කරමින් ලබාදුන් “එකුන්විසි ප්‍රතිඥාව” හෙවත් ‘හෘද සාක්ෂියේ සමාජ සම්මුතිය’ කියවා එම ප්‍රතිඥාව තම ජයග්‍රහණයෙන් පසු ඉටු කරන බවට සපථ කරනු ලැබූහ.






































