Tuesday, September 22, 2026
HomeNEWSLatest Newsඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන...

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1413 දක්වා ඉහළට …

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1413 දක්වා ඉහළට …

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1413 ඉක්මවා තිබේ.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස රුපියල් 125,000ක් සහ ශ්‍රී ලාංකික වෙළෙඳ නාවික වෘත්තිකයන්ගේ සංගමය රුපියල් 5,050,000ක් අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්හ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වරයා අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න යන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

ලක්ෂ්මන් නානායක්කාර මහතා රුපියල් 10,000ක්, මහනුවර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සී.පී. බටවල මහතා රුපියල් 35,461ක්, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන්  රුපියල් 528,000ක්, අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ කාර්ය මණ්ඩලය රුපියල් 36,408.35ක්, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ මහතා රුපියල් 4,013.33ක්, ජී.එම්. ධර්මවර්ධන මහතා රුපියල් 43,180.96ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,413,496,240.50 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img