ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සහ දැනට පවතින රැකියාවන් ආරක්ෂා කරගැනීම සදහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා වන ක්‍රියාකාරී කමිටුවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) උදෑසන පැවති සාකච්ඡාවකදී පත් කරනු ලැබීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ක්‍රියාකාරී කමිටුවේ සභාතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරුන් කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අගමැතිවරයා ලෙස පත්වූ අවස්ථාවේදී, ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් සම්බන්ධයෙන් කටයුතු කිරිම සදහා තෛපාර්ශවික කමිටුවක් පත් කරනු ලැබුවේය. එම කමිටුව විසින් ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියා ගත කිරීම සදහා වන ක්‍රමෝපායක් සකස් කරනු ලැබූ අතර එය ක්‍රියාත්මක කිරීමේ වගකීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට පවරා තිබුණි.
එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙසට ලෝක කම්කරු සංවිධානයෙන් ඉල්ලා සිටි අතර, ලෝක කම්කරු සංවිධානය විසින් සමීක්ෂණයක් පවත්වා එහි වාර්තාව අමාත්‍යාංශය වෙත භාරදී තිබුණි.
තෛපාර්ශවික කමිටුව අවස්ථා කිහිපයකදී දීර්ඝ ලෙස සාකච්ඡා කර දීර්ඝ කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන විසදුම් හදුනාගෙන තිබුණි. එම විසදු් ක්‍රියාත්මක කිරීම අද දිනයේදී පත් කළ කමිටුවේ වගකීම බවට පත්වේ.
ඒ අනුව දැනට පවතින රැකියාවන් ආරක්ෂා කරගැනීම සදහා වන ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග මෙම කමිටුව විසින් ගනු ඇත.
මීට අමතරව ඉදිරියේදී රැකියා අවස්ථාවන් වැඩි වශයෙන් බිහිවන ක්ෂේත්‍රයන් හදුනාගෙන එම රැකියාවන් සදහා පුද්ගලයින් යොමු කිරීම සදහා වන සුදුසුකම් වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.






















