Friday, May 22, 2026
HomeNEWSරුපියල් ලක්ෂ 30ක් ,40ක් අතේ නැත්නම් අද සැත්කමක් කරගන්න බැහැ- වෛද්‍ය චමල්...

රුපියල් ලක්ෂ 30ක් ,40ක් අතේ නැත්නම් අද සැත්කමක් කරගන්න බැහැ- වෛද්‍ය චමල් සංජීව

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (31) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දෙහිවල – ගල්කිස්ස නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,‘‘ආණ්ඩුව ගෙන ඒමට උත්සහ දරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබෙන මූලික කරුණු සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබිය යුතු මූලික අංග පිළිබඳ , ඒවායේ අරමුණු පිළිබඳ , ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයන් පිළිබඳ , ඒවායේ විශය පථයන් පිළිබඳව , ඒවායේ කාල රාමු පිළිබඳව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පැහැදිලි ලියවිල්ලක් , පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශයක් , පැහැදිලි වැඩසටහනක් නැහැ. මෙවැනි අඩුපාඩු සහිතව තමයි ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාවට ලක්කර තිබෙන්නේ. ඒ වගේම ලගම පාසලට දරුවාව යවන්න බැරි තත්ත්වයකට දෙමාපියන් පත්වෙලා තිබෙනවා. කෙසේ හෝ දරුවාව පාලසකට යොමු කළාට පසුව දෙමාපියන්ට විශාල මුදලක් වැය කොට පෞද්ගලික උපකාර පන්ති සඳහා යොමු කරන්න සිදුවෙලා තිබෙනවා. කෙසේ නමුත් වක්‍රාකාරයෙන් රටේ අධ්‍යාපන පද්ධතිය පෞද්ගලික උපකාර පන්ති මත රදා පවතින අධ්‍යාපන ක්‍රමයක් බවට පත්වෙලා තිබෙනවා.රටේ ඇතැම් පාසල්වල ළමුන් නැහැ , ඇතැම් පාසල්වල ගුරුවරුන් නැහැ , ළමුන් සහ ගුරුවරු සිටින ඇතැම් පාසල්වල අවශ්‍ය මුලික පහසුකම් සහ දරුවන්ට විශය දැනුම ලබාදීම ගැටලුවක් වී තිබෙනවා. ඒ වගේම විෂය මූල දැනුම සහ විභාග කේන්ද්‍රිය දැනුම පෞද්ගලික උපකාර පන්ති හරහා ලබාගන්න දරුවන්ට සිදුවී තිබෙනවා. සාමාන්‍ය පෙළ දරුවෙන් විෂයන් සියල්ලටම පෞද්ගලික උපකාර පන්ති සඳහා යොමුවෙනවා. ඒ සඳහා දෙමාපියන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබෙනවා. ඒ වගේම උසස් පෙළ විෂයන් සියල්ලටම පෞද්ගලික උපකාර පන්ති සඳහා යොමුවෙන්න අද දරුවන්ට සිදුවෙලා තිබෙනවා. ඒ වගේම උසස් පෙළ දරුවන්ට පාසල් අධ්‍යාපනය පිළිබඳව තිබෙන විශ්වාසය කඩා වැටී තිබෙනවා. ඒ නිසා උසස් පෙළ දරුවන් පෞද්ගලික උපකාරක පන්ති සඳහා යොමු වී තිබෙනවා. ඒ වගේම සමාජ පීඩනය , ආර්ථික පීඩනය අවම කොට රට තුළ දරුවන්ට සැහැල්ලුවෙන් අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය වටපිටාව ජාතික ජනබලවේග ආණ්ඩුව රට තුළ සකස් කරාවි යන විශ්වාසය ජනතාව තුළ තිබුණා. ඒ අනුව ජාතික ජනබලවේගය බලයට ගෙන ඒමට රටේ ජනතාව කටයුතු කළා. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා පවත්වන්නේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් සමඟ. පෞද්ගලික උපකාරක පන්ති කඩාවැටිම ලක්නොවන ආකාරයට වැඩපිළිවෙලක් සකස් කරන බව ආණ්ඩුව පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ට සහතික වී තිබෙනවා. කෙසේ නමුත් මේ හරහා ගමේ ගැමි දරුවන්ට නිදහසේ පාසලට ගොස් නිදහසේ අධ්‍යාපනය ලබාගැනිමට තිබෙන අවස්ථාව අවහිර වෙනවා. ඒ වගේම මේ හරහා ආණ්ඩුවට ඡන්දය ලබාදුන්න ජනතාවගේ බලාපොරොත්තු කඩවීමක් සිදුවෙනවා. ඒ වගේම නිදහස් සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව රටේ ජනතාව තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා. නමුත් රෝහල්වල බෙහෙත් කාණ්ඩ 500 ත් 800 ත් අතර ප්‍රමාණයක හිඟයක් තිබෙනවා. ඒ වගේම ශෛල්‍යකර්ම සඳහා රෝහල්වල දිගු පෝලිමක් තිබෙනවා. ඒ වගේම ශෛල්‍යකර්ම සඳහා අවශ්‍ය වන ඖෂධ බාහිරින් ගෙන ඒමට සිදුවෙලා තිබෙනවා. නමුත් එම උපකරණවල අධික මිල ජනතාවට දරා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතිනවානම් රෝහල් ඉදිරිපිට පෞද්ගලික බෙහෙත් අලෙවි සැල් තිබෙන්නේ ඇයි ද කියන ප්‍රශ්නය අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට පැවැති ආණ්ඩුවෙන් අහනවා. ඒ වගේම රෝහල්වලින් නිසි පරිදි රසායනාගාර පරීක්ෂණ සිදුකරනවානම් රෝහල් ඉදිරිපිට පෞද්ගලික රසායනාගාර තිබෙන්නේ ඇයි ද කියන ප්‍රශ්නය අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට පැවැති ආණ්ඩුවෙන් අහනවා. නමුත් අනුර දිසානායක මහතා ජනාධිපති වුණාට පසුවත් එවැනි තත්ත්වයක් තමයි රට තුළ තිබෙන්නේ. ඒ වගේම රෝහල් තුළ අවශ්‍ය ඖෂධ නැතිනම් , වෛද්‍ය පරික්ෂණයක් රෝහල තුළින් සිදුකර ගැනිමට නොහැකිනම් , ජනතාව තුළ ලක්ෂ 30 ක 40 ක මුදලක් නැතිනම් ශෛල්‍යකර්මයක් සිදුකරගැනිමට නොහැකි තත්ත්වයක් අද රට තුළ නිර්මාණය වී තිබෙනවා. කෙසේ නමුත් මේ හරහා නැවත පීඩාවට පත් වන්නේ රටේ සාමාන්‍ය ජනතාව. මේ වනතුරු ජනතාවට ලබාදුන් සේවා ක්‍රමිකව කප්පාදු කරනවානම් එවැනි දෙයක් ජාතික ජනබලවේග රජයකින් ජනතාව බලාපොරොත්තු වුණේ නෑ. රටේ වමාංශික දේශපාලන කඳවුරක් ජනතාව බිහි කරන්නේ සාමාන්‍ය ජනතාව ලබාගන්නා සුබ සාධක පහසුක්ම , සමාජ ආරක්ෂක ක්‍රමය ස්ථාපිත වූ ආණ්ඩුවක් බිහි කරගැනිම සඳහායි. රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව , අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වීම පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු මෙන් කතා කරනවා. අගමැතිවරිය රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව වෙනස්ම කතාවක් සිදුකරනවා. ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරු රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව වෙනස්ම කතාබහක් සිදුකරනවා. කෙසේ නමුත් රටේ ජාතික ප්‍රශ්නයක් වුණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විවිධ ස්ථානවල දරන්නේ විවිධ මත. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුව ක්‍රමිකව අසමත් වීමයි. ඒ වගේම මේ හරහා ආණ්ඩුව කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳ වැටෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන ජනතාව වෙනුවෙන් සෘජු තිරණ නොගැනිමේන් ආණ්ඩුව සහ රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාවට විශ්වාස භංගත්වයක් ඇති වෙනවා. ඒ වගේම රට තුළ විදුලිය , ඉන්ධන තිබෙන නිසා රට ඉදිරියට ගමන් කරනවා. නමුත් රටේ ආර්ථික ස්ථාවර භාවය , රට තුළ විදේශ ආයෝජන ගොඩනැගීම , විදේශ රටවල් වලින් ආයෝජන පැමිණ රට තුළ නව රැකියා අවස්ථා නිර්මාණය වීම , මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගැඹුරින් කතාකරන බවක් පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව විවිධ මාතෘකා නිර්මාණය කරමින් මුඛ්‍ය කේන්ද්‍රගත ප්‍රශ්නය ජනතාවට අමතක කරන්න උත්සහ කරනවා. ඒ වගේම ආණ්ඩුව බහුතර බලයක් තිබෙන නිසා අත්තනොමතික ලෙස ක්‍රියා කරන්න , ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන්න ඉඩක් ලැබෙන්නේ නෑ. ඒ වගේම ජනතාව ශක්තිමත්ව පැහැදිලිව ආණ්ඩුව ක්‍රියාකාරකම් විවේඡනය කරමින් මතවාද ගොඩනගමින් සිටිනවා. ඒ වගේම පසුගිය ආණ්ඩු පාසල් වැසීමට කටයුතු කළ අවස්ථාවල අනුර දිසානායක මහතා ඇතුළ පිරිස ඊට විරුද්ධ වුණා. නමුත් බලය ලබාගත් පසු ඔවුන් ළමුන් අවම පාසල් වසා දැමිමට උත්සහ කරනවා. පාසල් වැසිම සිදුනොකර සියලුම පහසුක්ම සහිතව පාසල නිර්මාණය කළ යුතුයි. ඒ වගේම දරුවන් පාසල් හැරයාමට හේතුව ,පාසල් නොයාමට හේතුව සොයා බැලිය යුතුයි. දරුවන් අවම නිසා පාසල් වසා දැමිමට ආණ්ඩු අවශ්‍ය වන්නේ නෑ. ඒ වගේම ආණ්ඩුව එක තැන පල්වෙන අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ වගේම පසුගිය කාලයල දිගින් දිගටම විපක්ෂ නායක සජිත් ප්‍රේමාදස මහතා සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති යටතේ අනාගතය දැක අනාගතයට අවශ්‍යකරන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබිය යුතු නව විෂය මූල කරුණු පිළිබඳව සාකච්ඡා කළා. නමුත් ඒවාට හිනාවුණ වර්තමාන ආණ්ඩුවේ දේශපාලඥයින්ට අද ඒවා ඉටු කිරීමට සිදුවීමම දෛවයේ සරදමක්. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කතාබහ කරන විට ඒ සඳහා පැහැදිලි මාර්ග සිතියමක් තිබිය යුතුයි. ඒ වගේම රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුකරන්නේ කුමකටදැයි රටට ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම ඒ සඳහා උපායමාර්ගික අරමුණ සකස් කළ යුතුයි. ඒ වගේම විෂයමාලා වෙනස්විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි දර්ශනයක් තිබිය යුතුයි. ඒ සඳහා සුදුසු පාර්ශ්ව එකතු කරගත යුතුයි. පාසල් දරුවන්ගෙන් , ගුරුවරුන්ගෙන් , දෙමාපියන්ගෙන් , අධ්‍යාපන ක්ශ්‍රේත්‍රයේ ප්‍රවිණයන්ගෙන අදහස් විමසිය යුතුයි. නමුත් එවැන්නක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙනෙන්න නෑ. ඒ වගේම ලෝකයේ ඇතිවෙන අධ්‍යාපන වෙනස්කම් පිළිබඳව වැඩසටහනක් තිබිය යුතුයි. එසේ නොමැතිවුවහොත් පාසල් ලමුන් අතරමං වෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරනවා වගේම රටේ ආර්ථික ප්‍රතිපත්තිය , කර්මාන්ත ප්‍රතිපත්තිය , රැකියා ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි. මෙවා සිදුනොකළහොත් රටේ ජනතාව විශාල දුෂ්කරතාවන්ට පත්වෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දේශපාලනීකරණය නොකර සියලු විද්වතුන් සහ ප්‍රාමාණික උගතුන් සමඟ මේ පිළිබඳව කතිකාවතක් ගොඩනැගිය යුතුයි. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සිදුවන ධනාත්මක යෝජනා සඳහා සහාය ලබාදෙන්න සමගි ජනබලවේගය සුදානම්. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සිදුවිය යුතු වෙනස්විම් පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ මැතිවරණ වේදිකාවල , පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කර තිබෙනවා. ඒවා අනුබද්ද කර ගැනිමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම දරුවන්ට දෙමාපියන්ට මුදලට කාලයට බරක් නොවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒකපාර්ශ්විකව පාර්ලිමේන්තුව තුළ සම්මත කළහොත් එයින් විශාල විනාශයක් සිදුවීමට හැකියාව තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගොඩනගැනිමේදී නිවැරදි වැඩපිළිවෙලක් සහ මාර්ග සිතියමක් තිබිය යුතුයි. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබෙන කරුණු , බලාපොරොත්තු වන අරමුණ සහ කාලරාමුව පිළිබඳව ජනතාවට පුලුල් අවබෝධයක් ලබාදිමට රජය කටයුතු කළ යුතුයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බලහත්කාරයෙන් ජනතාව මත පටවනවා වෙනුවට ඉදිරි අනාගතය සඳහා අනුගතවන මාර්ග සිතියමක් හෝ මාර්ග සැලසුමක් සහිතව ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම අහුලාගෙන මාතෘකා ඉදිරිපත් නොකර රජයට වැඩපිළිවෙළක් නැති බව ජනතාවට ඒත්තු ගන්වන්නේ නැතින ලබාදුන් ජනවරමට සාධාරණයක් ඉටු කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වමාංශික ආණ්ඩුව අසාර්ථක බවත් වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව ගෙන යන්නේ මීට පෙර තිබු දක්ශිණාංශික ආණ්ඩුවල තිබු ප්‍රතිපත්ති බවත් ජනතාවට දැන් තේරුම් ගොස් තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබි විශ්වාසය ගිලිහි යන අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් පිටතදීත් මහජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් බලය ලබාගෙන රටේ ජනතාවට රටට අවශ්‍ය නායකත්වය ලබාදිමට අවශ්‍ය කරන දක්ශිණාංෂික කඳවුර සමගි ජනබලවේගය කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙනවා. ආණ්ඩුව අසමත් වන මොහොතක ජාතික ආණ්ඩුවක් සඳහා සැලැසුම් සමගි ජනබලවේගය සකස් කර තිබෙනවා. ඒ වගේම රටේ ජාතික ආණ්ඩුවක් ඇතිවේවි යැයි කියා අපි විශ්වාස කරනවා. ඒ අනුව දේශපාලන බලය ලබාගැනිම සඳහා අවශ්‍ය කරන සාධනීය ප්‍රතිසංස්කරණ විවිධ ස්ථරවල සමගි ජනබලවේගය සිදුකරමින් පවතිනවා. ඒ වගේම නාමල් රාජපක්ෂ මහතා රටේ ඊළග නායකයා බවට රට තුළ මතයක් නිර්මාණය කරන්න පිරිසක් උත්සහ දරනවා නමුත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමල් රාජපක්ෂව කොන්දේසි විරහිතව පරාජයට පත් කරන්න ජනතාව කටයුතු කළා. ඒ කදවුර නියෝජනය කළ මහජන නියෝජිතයන් විශාල පිරිසක් ජනතාවගේ අප්‍රසාදයට ලක් වී තිබෙනවා. ඒ නිසා රටේ මහ ජනතාව ඉදිරි මැතිවරණයකදී දක්ෂිණාංශික කදවුරේ නායකත්වය සහ තෝරාගන්නා අවකාශය තිරණය කරයි. රටේ ඇතිවුණ තිරණාත්මක අවස්ථාවල ජනතාව තින්දු තිරණ ගනු ලැබුවා. ඒ වගේම දක්ෂිණාංශික කදවුර තුළ ඊළඟ නායකත්වයට සුදුසුම කදවුර ලෙස සමගි ජනබලවේගය පත්වන අවස්ථාවේ රටේ බහුතරයක් මහජනතාව සමගි ජනබලවේගය වටා එකතුවන බව විශ්වාසයි.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img