Saturday, August 1, 2026
HomeNEWSරුපියල් 5,000 නොලැබුණු අයට ලබාදීම හෙට සිට

රුපියල් 5,000 නොලැබුණු අයට ලබාදීම හෙට සිට

රුපියල් 5,000 නොලැබුණු අයට ලබාදීම හෙට සිට

රුපියල් 5,000 දීමනාව මෙතෙක් ලබා නොදුන් සුදුසුකම් ලැබූ පිරිස් සඳහා හෙට (19) සිට එම මුදල ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

ඔහු පැවසුවේ ලබන සතියේ මුල් දින කිහිපය වන විට රුපියල් 5,000 දීමනාව ලබා දීම අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු තිලකසිරි මහතා පැවසුවේ, “මේ වෙලාව වෙනකොට ලංකාවේ සමෘද්ධි බැංකු 1,073 තුළම රජය විසින් ලබාදෙන මෙම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ රුපියල් 5,000 දීමනාව ලබාදෙමින් සිටින්නේ. මේ මොහොත වෙනකොට අපිට පෙනීගොස් තිබෙනවා ලක්ෂ 23කට වැඩි පිරිසකට මෙම ආධාර මුදල් ලැබිලා තිබෙනවා කියන එක. අපි විශ්වාස කරනවා සම්පූර්ණයෙන්ම සඳුදායින් පසුව එළඹෙන දින දෙක තුන ඇතුළත ඒ සියලුදෙනාගෙත් දීමනාවන් ගෙවා අවසන් කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන අරමුදල් අපි දැනටමත් සමෘද්ධි බැංකුවලට යවලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඉල්ලීම් කරලා තියෙනවා හරියට ම ඒ තහවුරු කරපු ලේඛන අපි වෙත ඉදිරිපත් කරලා අවශ්‍ය මුදල් නැවත තම තමන්ගේ බල ප්‍රදේශවලට ලබා ගන්න කියලා,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුමේෂ් තරංගට හෙල්ල විසි කිරීමෙි ඉසව්වේන් රන් පදක්කම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2026: ශ්‍රී ලංකාවෙි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී. දක්ෂතාව මීටර 89.75 ක්.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img