Wednesday, November 11, 2026
HomeNEWSරෝගියාගේ වම් පාදය වෙනුවට දකුණු පාදය වෙන්කළ ශල්‍ය වෛද්‍යවරියට අධිකරණයෙන් දඩ

රෝගියාගේ වම් පාදය වෙනුවට දකුණු පාදය වෙන්කළ ශල්‍ය වෛද්‍යවරියට අධිකරණයෙන් දඩ

රෝගියෙකුගේ වැරදි කකුල ශල්‍යකර්මයකින් වෙන්කළ වෛද්‍යවරියෙකුට එරෙහිව ඔස්ට්‍රියානු අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

මාධ්‍ය වාර්තා සඳහන් කළේ එහිදී වයස්ගත රෝගියෙකුගේ වම් පාදය වෙනුවට දකුණු පාදය, අදාළ ශල්‍ය වෛද්‍යවරිය විසින් වැරදීමකින් කපා ඉවත්කර ඇති බවය.

එම වැරැද්ද පිළිබඳව හෙළිවී ඇත්තේ දින දෙකකට පසුවය.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ලින්ස් නගරයේ පිහිටි අධිකරණයක් අදාළ වෛද්‍යවරයාට එරෙහිව යුරෝ 2700ක දඩයක් ගසා තිබුණි.

එම නියෝගය අනුව නොසැලකිලිමත් ලෙස කටයුතු කළ බවට වැරදිකරු කර 43 හැවිරිදි එම වෛද්‍යවරයාට එරෙහිව යූරෝ 2,700ක දඩයක් නියම කර තිබුණි.

අධිකරණයේදී හෙළිවී ඇත්තේ අදාළ රෝගියා නඩුව ඇසීමට පෙර මියගොස් තිබු බවය.

එබැවින් එම රෝගියාගේ වැන්දඹු බිරිඳට ද වන්දියක් ගෙවන ලෙස ද වෛද්‍යවරයාට නියෝග කිරීමට අධිකරණය කටයුතු කර තිබේ.

පසුව වෛද්‍යවරුන් එම පුද්ගලයාට පවසා ඇත්තේ, ඔහුගේ අනෙක් පාදය ද ඉවත් කිරීමට සිදුවන බවය.

එම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය මැයි මාසයේ දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img