Wednesday, November 11, 2026
HomeNEWSවිහාරස්ථානයක කොවිඩ් පොකුරක්

විහාරස්ථානයක කොවිඩ් පොකුරක්

නාවලපිටිය, බව්වාගම ප්‍රදේශයේ පිරිවෙනක ස්වාමින් වහන්සේලා පිරිසකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

එම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ සහ එහි වැඩ විසූ සාමණේර හිමිවරුන් 8 දෙනෙකු එලෙස ආසාදිත වී ඇතැයි පස්බාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් කොළමුන්න මහතා පැවසිය.

එම පිරිවෙනෙහි වැඩම කර සිටින සාමණේර හිමිවරුන් සිව්දෙනෙකු ඉකුත් 29 වනදා කොවිඩ් -19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය අවස්ථාවේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණ අනුව කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

පසුව විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩසිටි සියලුම භික්ෂූන් වහන්සේලාගේ පීසීආර් පරීක්ෂණ සිදුකර ඇත.

එහිදී තවත් ආසාදිතයින් 5 දෙනෙක් හඳුනාගෙන ගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.

පසුව ආසාදිත බවට හඳුනාගත් නායක ස්වාමින් වහන්සේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් යොමුකර ආසාදිත සාමණේර හිමිවරු සහ ආශ්‍රිත තවත් සාමණේර හිමිවරු 13 දෙනෙක් එම විහාරස්ථානයේ ම ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

විහාරස්ථානයට දානය රැගෙන එන බැතිමතුන් විහාරස්ථානය ඉදිරිපිට තබා ඇති මේසය මත දානය තබා යන ලෙස ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img