Sunday, November 8, 2026
HomeNEWSලංකා IOC පෙට්‍රල් මිල තවත් ඉහළට

ලංකා IOC පෙට්‍රල් මිල තවත් ඉහළට

අද (25) මධ්‍යම රාත්‍රී 12 සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.

එහෙත් ඩීසල් මිල වෙනස් නොවන බව එම සමාගම නිවේදනය කරයි.

රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවද අදාළ සමාගම පවසයි.

ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වා ඉහළ යනු ඇත.

IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසය.

මේ අතර පසුගිය 10 වනදා ද ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළේය.

එහිදී සෑම වර්ගයකම පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් මිල ඉහළ දැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img