ඔක්තොම්බර් මස 31 වන දින ප්‍රථම යම්කිසි ආකාරයකින් මැතිවරණයක් පැවැත් වුවහොත් මෙරට පුද්ගලයින් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවකට ඡන්දය අහිමි වන බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළව ඡන්ද නාමලේඛනය සහතික කිරීම ඔක්තොම්බර් මස 31 වනදා සිදුකිරීමට නියමිතය.
එසේවුවහොත් එම වසර තුළ ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා ලැබී ඇති නම් ඇතුළත් කිරීමේ හැකියාවක් නොමැති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඔක්තොම්බර් මස 31 වන දිනට පෙර මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු සුදානමක් නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට (23) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය සතියේ ද පැවැති අතර ඊට පාර්ලිමේන්තුව නියොජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව සිටියේය.






















