Sunday, November 8, 2026
HomeNEWSචීන නෞකාව අද පිටත්වෙයි

චීන නෞකාව අද පිටත්වෙයි

දිවයිනට පැමිණි yuan wang -5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ අනුව පස්වරු 4ට චීන නෞකාව යළි චීනය බලා පිටත්ව යාමට නියමිත බවට දැනුම් දී ඇති බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා සඳහන් කළේය.

එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමිවුණි.

නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණීමට සුදානම් වීමත් සමඟ ඉන්දියාවෙන් ඊට දැඩි බලපෑමක් එල්ල වු අතර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙය දිවයිනට පැමිණියේය.

කෙසේවෙතත් චීන නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාව පවසා තිබුණේ එම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් බවය.

එම නෞකාව ජුලි මස 12 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණද පැවැති ගැටලුකාරී වතාවරණය හමුවේ එම ගමන කල්දැමීමට තීරණය කර තිබුණි.

කෙසේවෙතත් අවසානයේ දි දින 6ක සංචාරයක් සඳහා නෞකාව දිවයිනට පැමිණිය ද එම නෞකාව මඟින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ කිසිදු නීතිවිරෝධි කටයුත්තක් සිදුනොකරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img