Sunday, November 8, 2026
HomeNEWSමුදලිගේ ඇතුළු තිදෙනා TIDයට භාරදෙන ලෙසට පොලිස්පතිගෙන් උපදෙස්

මුදලිගේ ඇතුළු තිදෙනා TIDයට භාරදෙන ලෙසට පොලිස්පතිගෙන් උපදෙස්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කෙරේ නම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) භාරදෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

ඒ අනුව ඔවුන් තිදෙනා සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරගන්නා ලෙස පොලිස්පතිවරයා ඊයේ (21) නියෝග කර තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය 18 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර සහ ඊට පසුදින අත්අඩංගුවට ගත් 16 දෙනා අතර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය සඳහා පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන තිබුණේ, අප්‍රේල් 09 වැනිදා අරගලයට අදාළව සිදුවූ සිද්ධි පිළිබඳ විමර්ශනය කිරීම සඳහාය.

ඒ අනුව පෑලියගොඩ පොලිසියේ රඳවා ප්‍රශ්න කරමින් සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විමර්ශන කටයුතු සඳහා අද පෙරවරු 8ට පොලිසියෙන් පිටතට රැගෙන ගොස් තිබේ.

පෑලියගොඩ පොලිසිය සඳහන් කළේ, ඔහු රැගෙන ගිය ස්ථානය පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img